Earthrise – පායා ආ මිහිමඩල

ගෙවී ගිය සියවසේ ලොව වෙනස් කළ ඡායාරූප සියය ඇතුළත් සුප්‍රකට ග්‍රන්ථයේ කවරය හැඩ ගැන්වූ ඒ ඓකිහාසික ඡායාරූපය ——————————————————————— මුළු මහත් ලෝකයම වෙනස් කළ ඡායාරූපයක්! ඒ ඡායාරූපය ගන්න මොහොතකට පෙර ඇති වුණු සංවාදය තමයි මේ. ඇන්ඩර්ස් (Anders) : “ආහ්… අන්න බලන්න අර. පෘථිවිය පායා ගෙන එනවා… ෂාහ්.. කොයි තරම් නම් ලස්සනයි ද?” බෝර්මන් (Borman) : (සිනහ... Continue Reading →

මගේ දුවට…! A Massage to a Daughter

Earthrise - හිරු වෙනුවට පෘථිවිය පායා එන හැටි (ඡායාරූපය National Air and Space Museum) මුලින්ම මට ඉඩ දෙන්න පුංචි කතාවක් කියන්න. වන රොද අස්සෙන් ගොම්මන් අඳුර මෝදුවෙමින් තිබුණු වෙලාවක් ඒක. හිත කීරි ගැස්සෙන විදියට හතර වටින්ම රැහැයියෝ කෑ ගහනවා. මං හිටියේ බෝර්නියෝවේ කඳු මුදුනක ගිනි මැළයක් ළඟ ඉඳගෙන. මාත් එක්ක වයෝවෘධ මිත්‍රයා ආදි වාසී ජන කණ්ඩායමක ප්‍රධානියෙක්. අග්නිදිග ආසියාවේ... Continue Reading →

හො. ම. ත. ග. යු. – හොඳින් මතක තබා ගත යුතුයි!

----------------------------------------------------- ‍පෝලන්ත ජාතික දේශපාලන කාටුන් ශිල්පී Pawel Kuczynski ගේ අපූරු නිර්මාණයක් - Keep your head down හැමදාම උදේ නමයට, කහ පාට තොප්පියක් දාගත්ත මනුස්සයෙක් පාර මැද්දට එනවා. ඇවිත් හතර වටේටම තොප්පිය වනන්න පටන් ගන්නවා. විනාඩි පහයි... ඊට පස්සේ මිනිහා හිටිහැටියේම අතුරුදන් වෙලා යනවා. තොප්පිය වනලා ඔය විදියට යන්න ගිය එක දවසක පොලිස් රාළහාමි කෙනෙක් මිනිහව... Continue Reading →

ඈත කඳුකර හිමව් අරණේ…!

හිමාලයේ එවරස්ට් කඳු මුදුන ගුවනේ සිට - Mount Everest -Photograph by Matthieu Ricard “මං හිතන්නේ මං මැරෙන්නයි යන්නේ” එදා උදේ තාත්තා කිව්වා. “අපි දවසක් බෝට්ටුවෙන් ආර්ජන්ටිනාවට ගියා... එහෙම නේද?” ඒ එක්කම තාත්තා ඇහුවා. මරණාසන්න මොහොතක දී බෙහොම දෙනෙක් තමන්ගේ ගමනාන්තය කරා මෙහෙයවන තේමාවක් සොයා ගෙන යෑම සාමාන්‍ය දෙයක් කියලා නර්ස්ලා මට කිව්වා. ඒ 2006 අවුරුද්දේ දවසක්. ඒ... Continue Reading →

එකම එක මොහොතක්…!

“තරහ වෙන්න එපා මං මෙහෙම කියනවට.... ඒත් හිතෙන්නේ නැද්ද ඔය කරන වැඩේ පරස්පරයි කියලා? ස්වභාවික පරිසරයේ නිදහසේ වැවෙන මල් ටික ඔයා නටුවෙන් වෙන් කරලා  කපා ගන්නවා. ඊට පස්සේ ඒවා ගෙදරට ගෙනත් එක එක විදියට දිග හැරලා, නවලා හරියට අර ස්වභාවික පරිසරයේ ජීවමානව  තිබුණා වගේ පේන්න සකස් කරනවා. හිතෙන්නේ නැද්ද ඒක හරිම පරස්පරයි කියලා ටොගාෂි මහත්තයා? හිතමතා... Continue Reading →

පිස්සෙකුගේ දිනපොත

අලුත් රස්සාව හම්බු වුණාට පස්සේ මගේ නෑදෑයො ටිකයි, ගමේ උදවියයි හැමෝම කියන්න පටන් ගත්තා කසාදයක් බැඳගන්න දැං මට කාලෙ හරි කියලා. ‌ කොච්චර උත්සාහ කළත් හොඳ රස්සාවක් කරන කෙල්ලෙක් නම් මට හොයා ගන්න බැරි වුණා. අන්තිමේ දී මං තීරණය කළා යමක් කමක් තියෙන පවුලක, සාමාන්‍ය බී. ඒ. උපාධිය පාස් වෙච්ච කෙල්ලෙක්ව තෝර ගන්න. එයා‌ගෙ උපාධිය... Continue Reading →

අගමැති ඔත්තුකාරයෙක්! The Prime Minister was a Spy!

හැරල්ඩ් හෝල්ට් අගමැතිවරයා - Image by Herald Sun ------------------------------------------------------------------------------------------ මෙහෙම දෙයක් මීට කලින් කවදාවත් සිද්ධ වෙලා නැහැ! ඊට පස්සේ සිද්ධ වුණේත් නැහැ. සමහරවිට මේ සිද්ධිය ඔබ අහලාම නැතිව ඇති. අහලා තිබුණා නම් සමහරවිට දැන් මතකයේ නැතිව ඇති. එදා ලස්සනට හිරු පායලා තිබුණු දවසක්. දවස හරියම කියනවා නම් 1967 අවුරුද්දේ දෙසැම්බර් 17 වැනි ඉරිදා. උතුරු අර්ධගෝලයේ බොහොමයක්... Continue Reading →

මිතුරේ මේ ලොවම එක යායක්!

‘Baharon Phool Barsao’ තමයි සිංදුවේ නම. එහෙම කිව්වම එක සැරේම මතකයට එන්නේ නැහැ නේද? (සමාවෙන්න, එහෙම මතකයට එන අයත් බොහොම දෙනෙක් ඇති). මේ පහළින් තියෙන ලින්ක් එක ක්ලික් කළාම ඒ සිංදුව අහන්න පුළුවන්. https://www.dailymotion.com/video/x306tx5 අහලා රස විඳලා තියෙනවා නේද...? බොහෝ වෙලාවට සිනමා පටයත් නරඹලා ඇති. පුදුමාකාර ලස්සන හින්දි ගීතයක්...! කොහොමටත් 60/70 දශකයේ බිහිවුණු හින්දි සිනමාපට... Continue Reading →

රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ බඩුවක් ද?

අනර්ග සේද තිරයෙන් වර්ණවත්ව විල්ලුද බුමුතුරුණු පැතිරී ගිය ගරු ගාම්භීර කාමරයක්. කාමරය මැද්දේ තිබුණු සුවපහසු හාන්සි පුටුවේ දෙකෙළවර ඉඳගෙන හිටියේ රටවල් දෙකක අගමැතිවරුන් දෙන්නෙක්. අගමැතිවරුන් දෙන්නා තම තමන්ගේ රාජ්‍යයන්ට අදාළ රාජ්‍ය තාන්ත්‍රික කරුණු කාරණා ගැන සුහද සංවාදයක. අගමැතිවරුන් දෙදෙනාගේ සංවාදය මැද්දේ එක සැරේටම මේ කාමරයට කෙනෙක් කඩාගෙන වැදුණා. අඩි හප්පාගෙන සද්දයක් දාගෙන අනවසරයෙන්ම ආපු මේ පුද්ගලයා... Continue Reading →

විකිණීමට – විමසන්න FOR SALE – INQUIRE WITHIN

For sale: baby shoes, never worn. කිසිදා නොපැළඳි බිළිඳු පාවහන් යුගලක්; විකිණීමට ඔය කිව්ව වචන හය තමයි ලෝකයේ කෙටිම කෙටි ‘කෙටි කතාව’ විදියට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මේ කෙටි කතාව රචනා කළේ ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒත් ඇත්තටම මේ කෙටි කතාව ලිව්වේ හෙමිංවේ ම ද කියන කතාව විවාදයට භාජනය වෙච්ච... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑