ඉදිරි සති දෙක ඔයාලට කොහොම ද?

"When the wind stops, flowers fall. When a bird sings, the mountain becomes more calm." "සුළං නතර වෙද්දි, මල් බිම පතිත වේවි. කුරුල්ලෙකු ගී ගයද්දි, කන්ද තව තවත් නිසල වේවි." හමා ගෙන යන සුළං පහර නතර වුණාට පස්සෙත්, මල් තාමත් බිමට ඇද වැටෙනවා. සුළං පහර නතර වුණා නම්, ඇයි මල් තාමත් බිමට වැටෙන්නේ? කුරුල්ලෝ සිංදු... Continue Reading →

ඔබ විතරක්ම දන්නා පිළිතුරක්!

ඒ ගමන යා යුතුමදැයි මා වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනාවක් සිතන්නට ඇත. හදවතට එකඟව කතා කරන්නේ නම්, මා වඩාත්ම සිතන්නට ඇත්තේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නට තරම් ශක්තියක් සහ ‌ධෛර්යයක් මා තුළ ඇති ද යන්න බව සහතිකය. වසර ගණනාවකට පෙර කිසියම් අධ්‍යාපන ආයතනයක මගෙන් ද ඉගෙන ගත් ආදරණීය දියණියක් සිය ජීවිතයෙන් සමුගෙන යන්නට තීරණය කර... Continue Reading →

මේ හැම දේම ණයක්!

Jean‑Victor Schnetz විසින් නිර්මාණය කරන ලද Farewell of Consul Boetius to his family නම් වූ ඓතිහාසික සිතුවම.   මේ සටහන කියවන්නට කලින් මේ සටහනට අමුණලා තියෙන මේ තෙල් සායම් සිතුවම දිහා බලන්න! සිර කුටියක යකඩ කූරු අතරින් යාම්තමට එබිලා බලන සිරකරුවෙක්. මුහුණේ තියෙන්නේ දුකක් ද, වේදනාවක් ද, කළකිරීමක් ද කියලා හරියටම කියන්න බැහැ. සමහරවිට ඒ හැම... Continue Reading →

දුවන්න හාවො… දුවන්න… දුවන්න…!

“ගිය අවුරුද්දේ (2024 දි) මං ගියා තාත්තාගේ සොහොනට. තාත්තා මැරුණේ තාත්තාට වයස අවුරුදු 72 දි. තාත්තා ජීවත් වුණාට වඩා දශකයකටත් වඩා කාලයක් මං දැන් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම තාත්තා නැතිවෙලා දැන් අවුරුදු හතළියක්. ඒත් තාත්තා එක්ක මගේ මතකය මට පළිඟුවක් තරම්ම පැහැදිලියි. මං තාත්තාගේ සොහොන් කොතට අත තිබ්බා. නොපෙනෙන නොදකින බලවේග ගැන වැඩි විශ්වාසයක්... Continue Reading →

දෙසැරයක් හිතන්න එපා, ඒවා වල්පල්ම තමයි…!

සමහර ‘තියරි’ තියෙනවා පුදුමාකාර විදියට මානසික සැහැල්ලුවක් හිතට අරගෙන එන. ‌‌ මේ කියන්නට යන ‘තියරිය’ ගැන මං මුලින්ම දැනගත්තේ මීට අවුරුදු හතකට අටකට කලින්. ඒ මහාචාර්ය රොල්ෆ් ඩූබලිගේ “The Art of the Good Life” කියන පොතින්. ඒ පොත කියවද්දී ඉගෙන ගත්ත මේ තියරිය (සංකල්පය) හින්දා බොහොම කාලයක් තිස්සේ පෞද්ගලිකව මගේ හිතට වද දුන්නු කාරණාවක් තහවුරු... Continue Reading →

දැන්ම හොයන්න පටන් ගන්න!

ඒ ග්‍රීස්ම සෘතුව නම් මහ පුදුමාකාර එකක්. හිතාගන්න බැරි තරම් හැඟුම්බර සිද්ධීන් වැලක්ම එක පිට එක. ඒ ඔක්කොම පටන් ගත්තේ එකම එක ප්‍රශ්නයකින්. ඒක නිකම්ම නිකම් නීරස ප්‍රශ්නයක්: “කොහොම ද ඉතින් ඔයාගේ වැඩ කටයුතු එහෙම...?”ප්‍රශ්නය ඇහුවේ මගේ නෑයෙක්, මට එයාව හමු වෙච්ච වෙලාවක. මං ඒකට උත්තර දෙන්න පටන් ගත්තේ මෑතක දී මං සහභාගි වුණු වැඩමුළුවක් ගැන විස්තරයක්. ... Continue Reading →

එදා අපි දරුවෝ! – We were Children!

තැඹිලි පාට දැක්කම ඔබට ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක් ද...? තැඹිලි කියන්නේ පුදුමාකාර විදියට සුවිශේෂී වර්ණයක්. රතු පාට කිව්වොත් මුළු ලෝකයටම තියෙනවා පොදු හැඟීමක්. ඒ කියන්නේ ‘අනතුරක්’ වගේ දෙයක්. ඒකට හේතුව අපේ ලේ රතුපාට හින්දා. නිල් පාට ගත්තමත් එහෙමයි. ශාන්ත ගතියක්. මුළු ලෝකයේම වෛද්‍ය සේවාවත් එක්ක නිල් පාට බැඳිලා තියෙන්නේ ඒ හින්දයි. ඔය විදියට කළු, සුදු,... Continue Reading →

පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි!

Touched the Untouchables ———————————————— ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙකු ලෙසින් පමණක් නොව මෙරට අගමැති ධුරය ද කිහිප වරක්ම හෙබවූ තැනැත්තෙකි. සමස්තයක් ලෙස ගත් විට විධායක ජනාධිපතිවරයෙකු කිසිදු හේතුවක් මත ලංකාවේ අධිකරණයක් විසින් මේ දක්වාම බන්ධනාගාරගත කරනු ලැබ නැත. එබැවින් මේ තීන්දුව වචනයේ පරිසමාප්තියෙන්ම... Continue Reading →

ඒ තාත්තාත්, මේ තාත්තාත් හැර තවත් තාත්තලා සිටී ද?

“පොඩ්ඩකට කතා කරන්න පුළුවන් ද?” කෙටි පණිවිඩය ආවේ මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන්. අපි දෙන්නා ඉන්නේ සැතපුම් දහස් ගානක් ඈත. මට දවස පටන් ගත්තා විතරයි… ඒත් ලංකාවේ ඔහුට මහ රෑ. වරින් වර අදහස් හුවමාරු කර ගත්තත් ඔහු සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලීම් නොකරන කෙනෙක්. ඒ නිසාම රාජකාරී හෝරාවක් වුණත් දෙවරක් නොසිතාම ඔහුට ඇමතුමක් ගත්තා. “ළඟින් ආශ්‍රය කරන තවත් මිත්‍රයන්... Continue Reading →

පුස්තකාලයට යන පාර මතක ද?

කෝටි දහයකට වැඩි පිරිසක් (මිලියන 100 ක්) අවුරුද්දක් ඇතුළත පුස්තකාලය පරිහරණය කිරීම කිසිසේත්ම සුළුවෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම සංවර්ධනයේ හිනිපෙත්තේ ඉන්න කැනඩාව වගේ රටක! පහුගිය 2024 අවුරුද්දේත් සුපුරුදු පරිදිම කැනඩාවේ පුස්තකාල ජාලය වාර්ෂිකව පරිහරණය කරන පිරිස කෝටි දහය ඉක්මවා ගියා.   කොටින්ම කිව්වොත් කැනඩාවේ ජනතාව සිනමාහල්වලට ඇදෙනවාට වඩා වැඩිපුර පුස්තකාලය පරිහරණය කරනවා. පුස්තකාලය තමයි... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑