පවනට බඳු වේගයෙන් දිව යා හැකි මේ අශ්වයා බැඳ දමා ඇත්තේ කුමකින්ද? ළදරුවෙකුට පවා තල්ලු කර දැමිය හැකි සැහැල්ලු පුටුවකිනි. තමන්ට උවමනා කරන පළමු තත්පරයේදීම තම නිදහස සොයා කවර ඉසව්වකට හෝ දිව යා හැකි නමුදු තමන්ට එවැනි හැකියාවක් ඇතැයි අශ්වයාට සිතෙන්නේවත් නැත. ඊට හේතුවක් තිබේ. අශ්වයා මේ සැහැල්ලු පුටුවකට බැඳ තබා හීලෑ කරගන්නට උගේ ස්වාමියා... Continue Reading →
බුර්කාවෙන් ඔබ්බට…
මගේ කාර්යාල පරිගණකයට සම්බන්ධව කර ඇති පරිවාර පරිගණක තීරයන්හි පසුබ්මි ඡායාරූපය ලෙසින් ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ අතිශය මනස්කාන්ත දර්ශනයකි. මේ පරිගණක තිර නෙත ගැටෙන බෙහොමයක් දෙනා ඒ ගැන විමසද්දී ඒ මා උපන් රටේ මුහුදු තීරය බව මා ඔවුන්ට පහදා දෙන්නේ තරමක ආඩම්බරයක්ද සිත්හි දරාගෙනය. එතැනින් නොනැවතී ලංකාව යනු ඉන්දියන් සාගරයේ ස්ථානගත වූ... Continue Reading →
මා ඔබ නොව – ඔබ මා නොව
මේ ඔබ දකින දිය සායමින් කළ අපූරු සිතුවම මං මුලින්ම දුටුවේ කැනඩාවේ එඩ්මන්ටන් නුවර තරමක හුදෙකලා ස්ථානයක තිබුණු කඩමණ්ඩියක. වසන්තය අවසානයේ තමන්‍ගේ තුරු හිස් රතු, කහ, තැඹිලි පාටින් අපූරුවට වර්ණවත් වෙලා, මුලු පරිසරයම සීත සෘතුවට සූදානම් වෙන්න ලක ලැහැස්තියෙන් හිටපු කාලයක. හරියටම කියනවා නම් අදින් හරියටම අවුරුදු දහයකට කලින් සරත් සෘතුවේ අවසාන භාගයේ දවසක. කඩමණ්ඩිය... Continue Reading →
මොකටද කිරි – කන්න කැකිරි
“කොළඹට කිරි - අපිට කැකිරි” කියන සටන් පාඨය ලංකාවේ අපිට කාලාන්තරයක් පුරා බොහොම හුරු පුරුදු සටන් පාඨයක්. මේ සටන් පාඨයට පදනම් වෙලා තියෙන්නේ සමාජ විෂමතාව. ඒ කියන්නේ තෝරා ගත්ත එක්තරා කණ්ඩායමකට ඉහළින්ම සැළකීමත්, අනෙක් කොටස නොසලකා හැරීමත් කියන කාරණාව. මෙතැනදී කිරි ලැබෙන පිරිස තමයි ඉහළ සැළකුම් ලබන පිරිස. ඒකට හේතුව කිරි ලැබෙන්නේ කෙනෙකුට ඉහළින්ම සළකන්න... Continue Reading →
නූගත්කමේ බලය
අලුත් අවුරුද්දට කලින් නිම කරන්නට තිබුණු හදිසි රාජකාරි වැඩ වගයක් නිසා නත්තල් සතියේ සිකුරාදා මගේ කාර්යාලයට යන්න සිද්ධ වුණා. හැමෝම වගේ නිවාඩු අරගෙන තිබුණු නිසාත්, තවත් බොහොම දෙනෙක් ගෙදර ඉඳන් වැඩ කරපු නිසාත් ආයතනයේ හිටියේ දෙතුන් දෙනෙක් විතරයි. මේ හින්දා මගේ මේසයට තරමක් ඈතින් හිටිය සගයෙක් තමන්‍ගේ වැඩ වල නිරත වුණේ පරිගණකයෙන් ටිකක් සද්‍දෙට සිංදු... Continue Reading →
දවස් ගෙවී ගියා මෙසේ
සති තුනක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් සති තුනක කෙටි කාලයක දී කෙනෙකුට විවිධාකාර අත්දැකීම් අත්විඳින්නට පුලුවන්. බොහොමයක් වෙලාවට කෙනෙකුගේ මිහිරි අත්දැකීම් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලිකයි, ඒ වගේම භාවාතිශයයි. ඒ නිසා ඒ මිහිරි අත්දැකීම් බෙදා හදා ගැනීම තවත් කෙනෙකුට නීරස වෙනවා වගේම ඒ කියන අර්ථයෙන් විඳින්නත් බැහැ. ඒත් අමිහිරි අත්දැකීම් කියන්නේ තවත් කෙනෙකුත් එක්ක බෙදා... Continue Reading →
පුද්ගලිකයි… රහසිගතයි….!
අලුත් මල් කොළ දළු දාලා වසන්තය ඇවිල්ලා. අවුරුද්දේ බොහොම කාලයක් සීතල කාලගුණයට හුරු පුරුදු වෙලා ඉන්න කැනඩාවේ බොහොම දෙනෙක් මේ වසන්තය එනකම් මග බලාගෙනයි ඉන්නේ. වසන්තයේ දී දරුවන්ටත් පාසල්වල දීර්ඝ නිවාඩුවක් හිමිවෙන හින්දා කාර්යාලවල වැඩ කරන අයත් තමන්ගේ වාර්ෂික නිවාඩු අරගෙන සංචාරවල යෙදෙන්නේ මේ කාලයේ තමයි. වසන්ත කාලයේ දී තම තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල්... Continue Reading →
මළ බව නොදැන ජීවත් වීම
පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්. වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා - ඇමරිකා දේශ සීමාව ආසන්නයේ... Continue Reading →
එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!
දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →
බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!
දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ... Continue Reading →