අලුත් රස්සාව හම්බු වුණාට පස්සේ මගේ නෑදෑයො ටිකයි, ගමේ උදවියයි හැමෝම කියන්න පටන් ගත්තා කසාදයක් බැඳගන්න දැං මට කාලෙ හරි කියලා. කොච්චර උත්සාහ කළත් හොඳ රස්සාවක් කරන කෙල්ලෙක් නම් මට හොයා ගන්න බැරි වුණා. අන්තිමේ දී මං තීරණය කළා යමක් කමක් තියෙන පවුලක, සාමාන්‍ය බී. ඒ. උපාධිය පාස් වෙච්ච කෙල්ලෙක්ව තෝර ගන්න. එයාගෙ උපාධිය... Continue Reading →
අගමැති ඔත්තුකාරයෙක්! The Prime Minister was a Spy!
හැරල්ඩ් හෝල්ට් අගමැතිවරයා - Image by Herald Sun ------------------------------------------------------------------------------------------ මෙහෙම දෙයක් මීට කලින් කවදාවත් සිද්ධ වෙලා නැහැ! ඊට පස්සේ සිද්ධ වුණේත් නැහැ. සමහරවිට මේ සිද්ධිය ඔබ අහලාම නැතිව ඇති. අහලා තිබුණා නම් සමහරවිට දැන් මතකයේ නැතිව ඇති. එදා ලස්සනට හිරු පායලා තිබුණු දවසක්. දවස හරියම කියනවා නම් 1967 අවුරුද්දේ දෙසැම්බර් 17 වැනි ඉරිදා. උතුරු අර්ධගෝලයේ බොහොමයක්... Continue Reading →
මිතුරේ මේ ලොවම එක යායක්!
‘Baharon Phool Barsao’ තමයි සිංදුවේ නම. එහෙම කිව්වම එක සැරේම මතකයට එන්නේ නැහැ නේද? (සමාවෙන්න, එහෙම මතකයට එන අයත් බොහොම දෙනෙක් ඇති). මේ පහළින් තියෙන ලින්ක් එක ක්ලික් කළාම ඒ සිංදුව අහන්න පුළුවන්. https://www.dailymotion.com/video/x306tx5 අහලා රස විඳලා තියෙනවා නේද...? බොහෝ වෙලාවට සිනමා පටයත් නරඹලා ඇති. පුදුමාකාර ලස්සන හින්දි ගීතයක්...! කොහොමටත් 60/70 දශකයේ බිහිවුණු හින්දි සිනමාපට... Continue Reading →
රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ බඩුවක් ද?
අනර්ග සේද තිරයෙන් වර්ණවත්ව විල්ලුද බුමුතුරුණු පැතිරී ගිය ගරු ගාම්භීර කාමරයක්. කාමරය මැද්දේ තිබුණු සුවපහසු හාන්සි පුටුවේ දෙකෙළවර ඉඳගෙන හිටියේ රටවල් දෙකක අගමැතිවරුන් දෙන්නෙක්. අගමැතිවරුන් දෙන්නා තම තමන්ගේ රාජ්‍යයන්ට අදාළ රාජ්‍ය තාන්ත්‍රික කරුණු කාරණා ගැන සුහද සංවාදයක. අගමැතිවරුන් දෙදෙනාගේ සංවාදය මැද්දේ එක සැරේටම මේ කාමරයට කෙනෙක් කඩාගෙන වැදුණා. අඩි හප්පාගෙන සද්දයක් දාගෙන අනවසරයෙන්ම ආපු මේ පුද්ගලයා... Continue Reading →
විකිණීමට – විමසන්න FOR SALE – INQUIRE WITHIN
For sale: baby shoes, never worn. කිසිදා නොපැළඳි බිළිඳු පාවහන් යුගලක්; විකිණීමට ඔය කිව්ව වචන හය තමයි ලෝකයේ කෙටිම කෙටි ‘කෙටි කතාව’ විදියට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මේ කෙටි කතාව රචනා කළේ ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒත් ඇත්තටම මේ කෙටි කතාව ලිව්වේ හෙමිංවේ ම ද කියන කතාව විවාදයට භාජනය වෙච්ච... Continue Reading →
ක්ලික්… ක්ලික්… ක්ලික්…!
ඡායාරූපය - REUTERS/Peter Nicholls ----------------------------------------------------------------------------------------------------------------------------------------------------- ක්ලික්... මගේ අම්මාට මේ ලෝකයේ අන්තිමට ඇහුණු සද්දය ඒක වෙන්න ඇති. ------------------------------------------------------------- මට මතකයි එක්තරා දවසක අපි ගියා කාර් එකෙන් ටෙනිස් පුහුණුවට. අම්මා තමයි වාහනය ගෙනිච්චේ. මමයි, විලියි පිටිපස්සෙ ආසනේ. අපිට කිසිම අනතුරු ඇඟවීමක් කරන්නේ නැතිවම අම්මා හිටි හැටියේම ඇක්සලරේටරය ලෑල්ලටම පාගලා රොකට් වේගයෙන් කාර් එක අරගෙන ගියා. පටු පාරවල් උඩින්... රතු... Continue Reading →
ඔයා ජ්‍යෙෂ්ඨ ද…? මමත් ජ්‍යෙෂ්ඨ!
ලංකාවෙන් ආපු හිතවතෙක් අලුත්ම පොත් දෙකක් මට තෑගි කළා. පොත් දෙකම ලියලා තිබුණේ මහාචාර්යවරුන්. එක පොතක විතරක් බොහොම කැපී පෙනෙන විදියට මහාචාර්ය කියන නම පිටකවරයේ සටහන් කරලා තිබුණා. මහාචාර්ය ධුරය පොතේ පිටකවරයේ එල්ලා නොගත්ත පොත ලියපු මහාචාර්යවරයා තමන්ගේ ක්ෂේත්‍රයේ ඉතාම ඉහළින් පිළිගන්නා විද්‍යාර්ථියෙක්. ඒත් පොත් කවරයේ තිබුණේ නිකම් ම ඔහුගේ නම විතරයි. තනතුරු, ධුර මොකුත්ම... Continue Reading →
ආදරෙයි මම ආදරෙයි!
මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ. හිතන්න... මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා. පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා. දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි. මොකක්ද දැන් ඔබ කරන්නේ? උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ...... Continue Reading →
සේපාලිකා මල් ගහ යට!
සවස් වරුවේ රාජකාරී වැඩ ඉවර වුණාට පස්සේ, සිසිල් සුළං රැල්ලක පහස විඳගන්න ගමන්ම ළඟ පාත තියෙන වීදියක් දිගේ ඇවිද ගෙන යාම සෑහෙන කාලයක ඉඳන් නොකඩවා කරන පුරුද්දක්. මේ කියන්නට යන්නේ ඒ වගේ ඇවිද ගිය එක්තරා සැන්දෑවක් ගැන. ඒ සරත් සෘතුවේ හවස් වරුවක්.... ඈතින් පෙනෙන හිම කඳු යාය අතරින් හිරු අහසේ ගිලිලා යන්න ඔන්න මෙන්න තිබුණු... Continue Reading →
පහස – Touch
මං කාමරයට ඇතුලු වෙද්දි තාත්තා හිටියේ කපු පුළුන් මෙට්ටය උඩ දිගාවෙලා... බිත්තිය පැත්තට හැරීගෙන. සෙරෙප්පු දෙක දොරකඩ දී ගලවලා දාලා, කාමරයට ඇතුලු වුණු වෙලාවේ ඉඳන්ම මගෙන් කිසිම සද්දයක් පිට වුණේ නැහැ. “නිදි ද?” ඇඳ දිහාවට එන ගමන් මං ඇහුවා. “කවුද මේ?” ඔහු මං දිහාවට හැරුණා. “මේ මම” “එන්න... මෙතැනින් ඉඳගන්න” ඔහු කිව්වේ ඇඳේ දිගාවෙලා හිටපු... Continue Reading →