බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නට බොහෝ දෙනෙකුට බොහෝ හේතු තියෙන්න පුළුවන්.
ලියන්න , කියවන්න තියෙන ආසාව ඒ විවිධ හේතූන් අතර මහා පොදු සාධකය විදියට දැක්කොත් වරදක් නැහැ කියලයි මං හිතන්නේ. සිලිලාර බ්ලොග් අඩවිය සම්බන්ධයෙනුත් ඒ සාධකය ඒ විදියටම ගලපන්න පුළුවන්.
ඒත් ඊටත් එහා ගිය පුද්ගලික කරුණු කිහිපයක් ගැනත් කතා කරන්න මට අව්‍ශ්‍යයි.
දශකයට අධික කාලයක් ලංකාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක මාධ්‍යෙව්දියෙක් විදියටත් , ඒ පුවත්පතේ ම වගකිව යුතු තනතුරකත් කටයුතු කරන්නට ලැබීම නිසා ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයේ අභ්‍යන්තරය සහ ඒ හා බැදුණු දේශපාලනය පිළිබදව පැහැදිලි වැටහීමක් මා තුළ තිබෙනවා.
ලෝකයේ සෑම ජනමාධ්‍ය ආයතනයක් ම පාහේ දේශපාලනය සහ ආර්ථිකය කියන මූලික කරුණු දෙක අතරේ දෝලනයකට ලක් වන බව රහසක් නෙමෙයි. ඒත් ඒ අතරේ කිසියම් වූ සාධනීය යමක් මතු කරන්නටත් ඒ මාධ්‍ය අමතක කරන්නේ නැහැ. මේ නිසාම කිසියම් වූ මාධ්‍ය සදාචාරයක් ඒ මාධ්‍ය හරහා පැහැදිලිව දකින්න පුළුවන්. ඒත් ජනමාධ්‍ය කියලා අපේ රටේ හදුන්වන්නේ මේ කිසිම මිනුම් දණ්ඩකින් මනින්නට බැරි ජුගුප්සාජනක ව්‍යාපාරයකට. මේ ව්‍යාපාරය ඇතුලේ සිදුවන කටයුතු කොයි තරම් පිළිකුල් සහගත ද කියලා විස්තර කිරීම සුදුසු දෙයක් විදියට මං සලකන්නේ නැහැ. ඒත් රටක මාධ්‍ය ආයතන තමන්ගේ ශරීරය පමණක් නෙමෙයි තමන්ගේ ආත්මය පවා සිල්ලරට විකුණා දැමීම පිළිකුල් තත්ත්වයකටත් වඩා ඔබ්බට ගිය කාලකන්නි කමක් බව නම් නොකියාම බැහැ.
මේ බ්ලොග් අඩවිය බිහිවන්නේ එවැනි පසුබිමක් තුළයි.
ඔබත් එන්න… මේ බිමට ඔබේ අදහස් මුසු කරන්න.
අපේ අදහස් එක හා සමාන වීම කිසිසේත්ම වැදගත් වන්නේ නැහැ.
වැදගත් වන්නේ නිදහස් අදහස් ගලා යන්නට එකට එක් වීම පමණයි.
ඔව්… ඔබත් මාත් මිතුරන් වන්නේ ඒ නිසයි…!
සමන්,
සිංහල බ්ලොග් අඩවියේ දකින්න ලැබීම සතුටක්. සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගන්නවා.
කැමතියිකැමතියි
බොහොම ස්තුතියි
කැමතියිකැමතියි
It ws grate that u started a Sinhala blogg named Sililara.. Congrads!!!!!
Thank u for the nice ”interviwe with Prof.. Gunasinghe”….Sililara a Friend lives in long distant.
කැමතියිකැමතියි
Thank you
කැමතියිකැමතියි