ආයෙත් ඒවි ද ඒ සමනලයා

“සෑහෙන කාලයක ඉඳන් එකතු කරපු මියුසික් තැටි ගොඩකුයි, තව විසිතුරු බඩු වගයකුයි තියෙනවා. ඔයාට දෙන්න ද?” අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්නට නිවසේ අනවශ්‍ය බඩු භාණ්ඩ පුරවා ගැනීමට කොහෙත්ම අකමැති වුණත් එක සැරේටම ‘එපා’ කියන එක ආචාරශීලී නැහැ කියලා හිතුණා. “ඒත් ඔයා ඔය දේවල් එකතු කළේ සෑහෙන කාලයක ඉඳන් නේද? ඇයි ඉතින් අරගෙන යන්නේ නැත්තේ?” “ඔව්, අවුරුදු විස්සක තිහකටත්... Continue Reading →

එගොඩහ යන්නෝ… මෙගොඩහ යන්නෝ

(https://lankasara.com/ වෙබ් අඩවිය සඳහා ලියූ ලිපියකි.) අඳුර වැටෙන්නට ළඟයි මටත් අද හරිම වෙහෙසයි කැමති නම් විතරක් - පමා නොවී එන්න මම එතෙර කරන්නම් මේ ගංගාවෙන් එගොඩට වෙහෙසට පත් වෙච්ච තොටියෙකු කරන ආමන්ත්‍රණයක්. අඳුර වැටෙන්නට කලින් තොටුපළට ආවොතින් එගොඩට ගෙනි යන්නට පුළුවන් බව මේ තොටියා තමන්ට හැකි තරම් වෙර යොදා හඬගාන්නේ ඉවුරු තලාවෙන් ඔබ්බටත් ඇහෙන තරම්... Continue Reading →

දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

මුළු මහත් ලෝකයක නායකයෝ එකම ප්‍රශ්නයකට පිළිතුරක් සොයමින් සිටිති. බොහෝ ලෝක නායකයන් මේ ප්‍රශ්නයේ දී බොහෝ දුරට සමාන විසදුම් කරා පැමිණෙමින් සිටියත් ඔවුන් ඒ විසදුම් වලට ප්‍රවේශ වූ ආකාරයත්, ගැටලුව කෙරෙහි ප්‍රතිචාර දැක්වූ විලාසයත් එකිනෙකට වෙනස්ය. රටක නායකයෙකුගේ පෞරුෂත්වය සහ විචක්ෂණශීලී භාවය මැනිය හැකි හොදම අවස්ථාව ජාතියක් ලෙස මුළු මහත් රටක් අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකි. එබැවින්... Continue Reading →

නැහැ… අපිට එහෙම වෙන්නේ නැහැ

“ඔව්, පීසා දෙකම මීඩියම්. මම විනාඩි 30 කින් විතර එන්නම් ගන්න.” ස්ටීවන්ස් දුරකථන සංවාදය නිමා කළේ එහෙමයි. “අපි හෙට හම්බු වෙමු. ඕඩර් කරපු පීසා පික් කරගන්නත් තියෙනවා”, කාර්යාල බෑගය සකස් කර ගන්න අතරේම ඔහු මට කිව්වා. “ඉතින් ඔයා පීසා කන්න කැමැතිම නැහැනේ...?”  මං ඇහුවේ පුදුමයෙන්. ඒකට හේතුව කෑමකට එළියට ගිය කිසිම වෙලාවක ස්ටීවන්ස් පීසා තෝරා... Continue Reading →

මෙහෙම හොඳයිනේ

මේ පිංතූරයේ ඉන්න කාන්තාවගේ මුහුණ දැක්කම ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබ මුලින්ම වටහා ගනීවි ඇය විදේශීය කාන්තාවක් කියලා. ඒ වගේම ඔබට නිසැකයෙන්ම හිතෙනවා ඇති ඇය ඉන්නේ බොහොම සතුටින් කියලා. ඔබ ඇය සමීපයේ ඉන්නවා නම් තව සුලු මොහොතකින් ඇය බොහොම ප්‍රීතිමත් දෙයක් කියන්න ඉඩ තියෙනවා කියලත් ඔබට හිතේවි. මේ හැම ප්‍රතිචාරයක්ම ඔබට දැනුණේ ඔබට විශේෂ මහන්සියක් අරගෙන... Continue Reading →

මාරාන්තිකයි… ප්‍රතිකාර සීමිතයි

තාරාවන් තුන් දෙනෙක් එක පේළියට ගමනක් යනවා. ඉස්සරහින්ම යන තාරාවා කියනවා මට පිටිපස්සෙන් තවත් තාරාවන් දෙන්නෙක් ඉන්නවා කියලා. මැදින් යන තාරාවා කියනවා මට ඉස්සරහින් තාරාවෙක් යනවා. පස්සෙනුත් තව තාරාවෙක් යනවා කියලා. අන්තිමටම යන තාරාවා කියනවා මට ඉස්සරහින් තාරාවන් දෙන්නෙක් යනවා. පිටිපස්සෙනුත් තාරාවන් දෙන්නෙක් යනවා කියලා. කොහොමද එහෙම වෙන්නේ? ප්‍රශ්නය අහන්නේ ඔබෙන්. අපි දන්නවා ඇලුමිනම් භාජනයක්... Continue Reading →

ඇලඩින් සහ ජස්ටින්

අරාබි නිසොල්ලාසය කියන්නේ මුලු ලෝකයේම ඉන්න පොත්පත් කියවන පාඨකයන් අනිවාර්යයෙන්ම කියවලා තියෙන බොහොම රසවත් පොතක්. පොත් පත් නොකියවන අය පවා අඩුම තරමින් මේ පොතේ තියෙන කතාන්දර දෙක තුනක් ගැනවත් දැන ගෙන නොහිටියොත් ඒක පුදුමයක්. ඒකට හේතුව ඇලඩින්ගේ පුදුම පහන (The tale of Aladdin), අලිබබා සහ හොරු හතළිහ (Ali Baba and the Forty Thieves), සින්බෑඩ් නම්... Continue Reading →

සිංහල – දෙමළ දෙපාර්ශ්වයටම නිවැරදි දේශපාලන නායකත්වයක් අහිමි වී යාම අර්බුදයට මුලයි – ජගත් පූජිත ලේඛක ෂ්‍යාම් සෙල්වදුරෙයි

විශ්ව සාහිත්‍යයෙහි ශ්‍රී ලාංකීය නාමය රන් අකුරින් සටහන් කරන සමකාලීන ලේඛකයන් දෙතුන් දෙනා අතරින් ෂ්‍යාම් සෙල්වදුරෙයි (Shyam Selvadurai) ට හිමි වන්නේ අද්විතීය  ස්ථානයක්. සිංහල ජාතික මවකගේ හා දෙමළ ජාතික පියෙකුගේ දරුවෙකු ලෙසින් උපත ලබන ෂ්‍යාම්ට අවුරුදු දහ නවයේ දී සිය මව්රට වන ලංකාවට අතහැර ජීවිත ආරක්ෂාව පතා කැනඩාවට සංක්‍රමණය වන්නට සිදුවන්නේ 83 වසරේ අවාසනාවන්ත කළු ජූලියෙහි... Continue Reading →

දිනෙක හිරු බැස යන වෙලාවක

සවස් යාමයේ මුහුදු වෙරළට ගිහින් හිරු බැහලා යන හැටි පැය දෙක තුනක් බලාගෙන ඉන්න ඕනේය කියලා මුලින්ම කිව්වේ මගේ වැඩිමහල් දියණිය. ගෙදර හැමෝම ඒ අදහසට ඒ මොහොතේදීම කැමැති වුණා. මේ උදාවෙලා තියෙන්නේ කැනඩාවට වසන්තය. ඒ හින්දා කැනඩාවේ බොහොමයක් ප්‍රදේශවලට රෑ අට නවය වෙනකල්ම හොඳට ඉර එළිය තියෙනවා. හරියට ලංකාවේ හවස පහට හයට වගේ. පහුගිය සතියේ... Continue Reading →

වසන්තය ගැන හිතන්නට නම්…!

ඉරිදා හවස් වරුවේ අවමගුල් උත්සවයකට සහභාගි වෙන්න අවමංගල්‍ය ශාලාවකට ගියා. මිය ගිහින් තිබුණේ‍ මගේ ආයතනයේ යෙහෙළියකගේ මාමණ්ඩිය. ඒ කියන්නේ ඇගේ සැමියාගේ පියා. ඇයත්, මාත් වැඩ කරන අංශයන් සපුරා වෙනස් වුණත්, හවසට ඇයව ආයතනයෙන් අරගෙන යන්නට එන ඇගේ සැමියා නිතර මට මුණ ගැසෙන නිසා ඔහු සමගත් සමීප දැන හැඳුනුම්කමක් මට තිබුණා. ඇගේ මාමණ්ඩිය මිය ගිහින් තිබුණේ... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: