රළු පරළු මහල්ලා

නිරිතදිග ඇමරිකාවේ නිසංසල නගරයක් වන නෙබ්රස්කා (Nebraska) හි පිහිටි වැඩිහිටියන්ට වෙන් වූ සාත්තු නිවාසයක දී එක්තරා මහලු මිනිසෙක් මිය ගියේය.

මේ මහලු මිනිසා සතුව වටිනාකමක් ඇති කිසිදු වස්තුවක් තිබූ බවක් පෙනෙන්නට නොවීය.

එහෙත් පසුව ,  ඔහු පරිහරණය කළ භාණ්ඩ අස් පස් කර දැමීමේ දී සාත්තු නිවාසයේ හෙදියන්ට හදිසියෙන්ම හමු වූයේ වියපත් මිනිසා විසින් ලියන ලද කවි පංතියකි.

මේ කවි පංතියේ තිබූ සංවේදී රචනා විලාසයත් එහි ගැබ්ව තිබූ අදහස් සමුදායත් එම හෙදියන්ගේ හදවත කෙතරම් තදින් පැහැර ගත්තා ද යත් එහි පිටපත් සාත්තු නිවාසයේ සියලුම සේවකයන් අතර පැතිරී ගියේ වේගයෙනි.

තමන් අතට පත් වූ එම කවි පංතියේ පිටපත එක් හෙදියක් විසින් මිසුරි හි පිහිටි වෛද්‍ය ආයතනයක් වෙත යවන ලද්දේය.

නිහඩවම මෙලොව හැර ගිය ඒ මහලු මිනිසා විසින් ලොවට දායාද කරන ලද එකම වස්තුව වූ මේ කවි පංතිය මිසුරි හි පිහිටි මානසික සහනය සදහා වූ ශාන්ත ලුවිස් වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන සඟරාවේ නත්තල් කලාපයේ පළ කෙරිණ.

ලෝකය වෙත ඉතිරි කර තබා යන්නට වෙනත් කිසිවක්ම නොතිබූ මේ වියපත් සරල මිනිසා අතින් ලියැවුණු කතුවරයා “අඥාත ” මේ සරල එහෙත් අතිශය හැගුම්බර මේ කවි පංතිය අද වනවිට ලොව පුරා බොහෝ සංවේදී සිත්සසල කරමින් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී.

(මෙම කවි පංතිය ඊ මේල් පණිවිඩයක් මගින් මා වෙත ලැබුණේ මීට ටික කාලයකට පෙරදීය. ඊ මේල් පණිවිඩ සුරැකිව තබා ගැනීම සිරිතක් ලෙසින්ම මා නොකරන නමුත් මෙම කවි පංතියේ  තිබූ සංවේදී බව නිසාම එය මකා දැමීමට මගේ සිත ඉඩ දුන්නේ නැත. මෙම ඊ මේල් පණිවිඩය මා වෙත එවූ එෂාමා කාරියකරවන සොයුරියට මගේ ස්තුතිය)

ඉංගිරිසි කවි පංතියෙන් ලබා දෙන සංවේදී රසය සහ ප්‍රබල හැඟීම ඒ අයුරින්ම ලබා දෙන්නට තරම් හැකියාවක් මා සතුව නොමැති නිසා එම ඉංගිරිසි කවි පංතියත් මෙහි පහළින් සඳහන් කර ඇති බව කරුණාවෙන් සළකන්න.

රළු පරළු මහල්ලා

මොනවාද ඔබ දකින්නේ හෙදියනි…?  මොනවාද ඔබ දකින්නේ….?

මා දෙස නෙත් හෙලා බලද්දී …. මොනවාද ඔබට සිතන්නේ….?

රළු පරළු මහල්ලෙක් …. මෝඩයෙක් මෙන් පෙනෙන

නොසන්සුන් ගති සොබා ඇති… අස්ථිරසාර නෙත් සගලක්….?

 

බත් පත දෙස ගිජුව බලන … ඒත් කිසිවක්ම නොකියන

“ උත්සාහයක්වත් ගන්නේ නැති හැටි ” …. උස් හඩින් ඔබ කියද්දී

ඔබ කරන කිසිවක්ම…. නොදක්නා සේ සිටින මිනිසෙක්

ඒ වාගේම හැමදාමත්ම ….. මිරිවැඩි සගල පවා නැති කරගන්නා කෙනෙක්…?

 

ඔබ කරන කියනා කවරකට වුව ද… කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉඩ දෙන

කෑම කවන්නට හෝ නාවන්නට …  කල් වේලාව කා දමන මිනිසෙක්…?

එලෙසින් ද ඔබ සිතන්නේ මා ගැන….?  එසේ ද ඔබ දකින්නේ මා ගැන….?

එසේ නම් නෙත් හැර බලනු මැන හෙදියනි…. ඔබ දකින්නේ මා නොවන බව

 

මෙසේ නිසලව බර දෙමින් ඇද වතට…  කියන්නම් මං කවුරුදැයි ඔබට

අවනතව හැම විටම කියන දේ ඉටු කරන… ඔබට කීකරුව හිඳ කෑම ටික කා දමන

මා පිය සෙනෙහෙ මැද…  සොයුරු පෙම් දමින් බැඳි

පුංචි දරුවෙකි මං…  වසර දහයක් සපිරුණු

 

නිදහසේ පා වී යන…. සොළොස් හැවිරිදි කොල්ලෙකි

පෙම් දමින් බැඳි හාද…  සුබ සිහින නිතර දුටු

ගිවිසගත් පොරොන්දුව… සුරකිමින් එලෙසින්ම

විසි හැවිරිදි වියෙහි දී …. යුග දිවි ගමන් ඇරඹූ

 

විසි පස් හැවිරිදිය මා දැන්… තරුණ ජවයෙන් පිරුණු

සුවබර නිවහනක් තුළ… රැකවරණයක  උණුසුම ලබන

තරුණ විය ඉගිල ගිය…. තිස් හැවිරිදි වියෙහි මිනිසෙකි

සදාකාලික සෙනෙහසින්… එකිනෙකා බැඳී ගිය

 

සතළිස් වියට පා තබද්දී… උස් මහත් වූ මා පුතුන් හැර ගියත් අප දමා

මට දුකක් නොදැනෙන්න… සිටියාය ඈ මා ළඟින්

පනස් විය සපුරන මොහොතේ දි… කෙළි දෙළෙන් දරු පැටවු වට කර ගතිය මා

දැනුනාය යළිත් එක් වතාවක්… දරුවන්ගේ උණුසුම අප දෙදෙනාට

 

ආදර බිරිඳ මා හැර ගොසිනි අද… අඳුරු මං පෙතකි මගෙ ජීවිතය

සියොළඟම සසල වෙයි බිහිසුණුව… ඉදිරිය දකින හැම විට

මිහිරිතම යව්වනය… සැඟව ගොස් අතීතයටම

සිහිකරමි අද මම නිතර  ඒ අතීතය…. මා ලැබු ආදරය සමගින්ම

 

අද මා මහලු මිනිසෙකි… මේ කුරිරු වූ ලොව තුළ

අමන පෙනුමක් මවයි… මගේ මේ වියපත් වයස

සමුගෙන ඇතිය ඒ රූ සපුව… සිරුර අද මා දුබලය

හදවතක් යැයි කියා යමක් තිබූ තැන… අද ගලක් පමණකිය ඇත්තේ

 

එනමුත් මේ ජරපත් නිසල සිරුර තුළ… තවමත් සිටියි යව්වයනයකු

විඩාපත් හදවත පොපියයි …. යළි යළිත් එදා මෙන්ම

සිහි කළ හැකිය විඳි සතුට… සංවේදනාවන් ද සමගම

සෙ‍නෙහබරිතව කල් ගෙවමි… යළි වරක් මේ දිවි ගමන තුළ

 

සිහි කරමි ඒ කාලය… අසරු සැනකින් හමා ගිය

සියල්ල නැසෙන සුලුමය…. පිළිගනිමි ඒ යථාර්ථය

එසේනම් නෙත් හරිනු මැන මිනිසුනි…. නෙත් හැර බලනු මැන

රළු පරළු මහල්ලෙක් නොව…. සමීපව බලන්න…. දකින්න

මා….!

 

මග තොටේ දී හමුවන මහලු පුද්ගලයෙක් දුටු විට මෙම කවි පංතිය සිහියට නගා ගන්න අමතක කරන්න එපා.  ඒ මහලු මිනිසා තුළ ඇති යව්වන හදවත හඳුනාගන්න හඳුනා ගන්න එවිට ඔබට පහසුවෙන්ම හැකිවේවි.

ඒ වගේම අනාගතයේ කිසියම්ම දවසක මේ කවි පංතිය අපටත් අදාළ වන දවසක් උදාවන බව කිසිවිටෙකත් අමතක කරන්න එපා.

(මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම සංවේදී කවි පංතිය රචනා කළ වියපත් මිනිසා බව සැලකෙයි)

Crabby Old Man…

What do you see nurses? . . … . . What do you see?

What are you thinking . . . . . when you’re looking at me?

A crabby old man . . . . . not very wise,

Uncertain of habit … . . . . with faraway eyes?

 

Who dribbles his food . . . .. . and makes no reply.

When you say in a loud voice . . . . . ‘I do wish you’d try!’

Who seems not to notice .. . . … . the things that you do.

And forever is losing . . . . . A sock or shoe?

 

Who, resisting or not . . . . . lets you do as you will,

With bathing and feeding . . . .. . The long day to fill?

Is that what you’re thinking? . … . . . Is that what you see?

Then open your eyes, nurse . . . . . you’re not looking at me.

 

I’ll tell you who I am. . . . … . As I sit here so still,

As I do at your bidding, . . . . . as I eat at your will.

I’m a small child of Ten . . . . .. with a father and mother,

Brothers and sisters . . . . … who love one another.

 

A young boy of Sixteen . . . . with wings on his feet.

Dreaming that soon now . . . . . a lover he’ll meet.

A groom soon at Twenty . . . . .. my heart gives a leap.

Remembering, the vows . . . . . that I promised to keep.

 

At Twenty-Five, now . . . .. . I have young of my own.

Who need me to guide . . . . . And a secure happy home.

A man of Thirty . . . . . My young now grown fast,

Bound to each other .. . . . . With ties that should last.

 

At Forty, my young sons . . … . . have grown and are gone,

But my woman’s beside me . . . . . to see I don’t mourn.

At Fifty, once more, babies play ’round my knee,

Again, we know children . . . . . My loved one and me.

 

Dark days are upon me . . . . . my wife is now dead.

I look at the future . . . . . shudder with dread.

For my young are all rearing . … . . . young of their own.

And I think of the years .. . . .. . and the love that I’ve known.

 

I’m now an old man . . . . …. and nature is cruel.

Tis jest to make old age . . . . . look like a fool.

The body, it crumbles . . . . . grace and vigor, depart. T

here is now a stone . . . . where I once had a heart.

 

But inside this old carcass . . . . . a young guy still dwells,

And now and again . . . . . my battered heart swells.

I remember the joys . . . . . I remember the pain.

And I’m loving and living . . . … . life over again.

 

I think of the years, all too few . . . . . gone too fast.

And accept the stark fact . . . . that nothing can last.

So open your eyes, people . . . … . open and see.

Not a crabby old man . … . . Look closer . .. . see ME!!

Advertisements
This entry was posted in Uncategorized by කළු. Bookmark the permalink.

About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

8 thoughts on “රළු පරළු මහල්ලා

  1. අපේ අම්මල, තාත්තල, ආච්චිල සීයලගෙ හිත් කියවන්න නම් අපි කොයි තරම් සංවේදී, ඉවසිලිවන්ත මිනිසුන් විය යුතුද? මෙවන් ලිපි ඒ සංවේදී බව ඇති කර ගන්න උදව්වක්. මම මෙතනදි අපේ කිව්වෙ ලේ ඥාතිත්වය ගැනම හිතලත් නෙවෙයි. අපට හමුවන සියලුම වැඩිහිටියන් ගැන හිතල.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )