මේ වචන පේළියට පහළින් පෙනෙන අවකාශයේ ඇති සිතුවම ඔබට පෙනෙනවා ද ...? ඉහත අවකාශය තුළ ඔබට සිතුවමක් පෙනුනත් නැතත් මේ කියන්නට යන කතාව ඔය කියන සිතුවමට කෙළින්ම සම්බන්ධයි. මුලින්ම කියන්නට ඕනේ මේ කතාව ඇස ගැටුණේ ෆේස් බුක් අඩවියේ හුවමාරු වුණු ලිපියක බව. ආගමික කරුණු සමග කෙළින්ම ගැට ගැහිලා තිබුණත් මේ කතාවේ තියෙන ගැඹුරු අර්ථය පටු... Continue Reading →
පමා වෙවී ඉඳිනට නැත වේලා…!
ඒ සීත සෘතුවේ තවත් එක් උදෑසනක්.කාර්යාලවලට යන්න ඒ වගේම පාසල් වලට යා ගන්නට හැමෝම ලහි ලහියේ සූදානම් වන තවත් එක් හිමිදිරියක්.හරියටම කියනවා නම් වෙලාව උදේ 7.51 යි. තම තමන්ගේ කටයුතුවලට හැම දෙනාම කඩි මුඩියේ දිව යන මේ මොහොතේ ඇමරිකාවේ වොෂිංටන් ඩී සී ප්රධාන දුම්රිය නැවතුම් පොළට බොහොම ප්රසන්න පෙනුමක් තිබුණු තරුණ මිනිසෙක් ඇතුලු වුණා. ඩෙනිම්... Continue Reading →
වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!
හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ. කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි. ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක්... Continue Reading →
රළු පරළු මහල්ලා
නිරිතදිග ඇමරිකාවේ නිසංසල නගරයක් වන නෙබ්රස්කා (Nebraska) හි පිහිටි වැඩිහිටියන්ට වෙන් වූ සාත්තු නිවාසයක දී එක්තරා මහලු මිනිසෙක් මිය ගියේය. මේ මහලු මිනිසා සතුව වටිනාකමක් ඇති කිසිදු වස්තුවක් තිබූ බවක් පෙනෙන්නට නොවීය. එහෙත් පසුව , ඔහු පරිහරණය කළ භාණ්ඩ අස් පස් කර දැමීමේ දී සාත්තු නිවාසයේ හෙදියන්ට හදිසියෙන්ම හමු වූයේ වියපත් මිනිසා විසින් ලියන ලද කවි... Continue Reading →
සියල්ලටම හේතුවක් ඇත….!
කැනේඩියානු සාහිත්‍යය ගැන අප දන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතු කිහිපයක් ම තියෙනවා. මූලිකම හේතුව ලෝකයේ සෙසු ජාතීන් එක්ක සංසන්දනය කරද්දී කැනඩාව ඉන්නේ තවමත් ළදරු අවදියක වීම. (මෙතැනදී ළදරු අවදියක කියලා කිව්වේ ජාතියක් විදියට දිග ඉතිහාසයක් නැතිය යන අදහසින් පමණයි. අනෙක් සෑම අංශයකින්ම කැනඩාව ඉන්නේ සංවර්ධිත රටවල් අතර ඉහළම තැනකයි.) ඒ නිසාම රුසියානු , ප්‍රංශ ,... Continue Reading →
පොතක් එක්ක කතා කරමු
සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය. සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී... Continue Reading →
ජාති ආලයේ තියරිය
“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය. වසර හැට හතරක “ නිදහස ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත්... Continue Reading →
මේ පිළිමය කාගේ ද …?
මේ පිළිමය කාගේ ද ...? බොහෝ දෙනෙක් පරාක්රමබාහු පිළිමය නමින් හදුන්වන පොළොන්නරුවේ පිහිටි ලෝ පතල පිළිමය සැබැවින්ම කවුරුන් වෙනුවෙන් නිර්මාණය වූවක් ද යන්න එදා මෙන්ම අදත් කතා බහට ලක්වන්නකි. ඇතැමෙක් එය පරාක්රමබාහු රජුන් නියෝජනය කරන්නක් ලෙස සලකන අතර තවත් පිරිසක් එය අගස්ති වැනි ඍෂිවරයෙක් නියෝජනය කරන්නක් ලෙසින් සළකති. මෙම පිළිමය සම්බන්ධව ඉතාම මෑතක දී ලංකාවේ... Continue Reading →
කොළඹ ඉදන් කතරගමට එදා ගියේ පයින්…! දොස්තර පී. ආර්. අන්තෝනිස්
බොහොමයක් අතීත මතක සටහන් හරිම සුන්දරයි. මේ නිසාම ඒ අතීත මතකයන් සිහිපත් කිරීමත් සුන්දර අත්දැකීමක්. පැරණි ලිපි ගොනු පෙරලා බලද්දී ඒ සුන්දර අතීත මතකයට ආයෙත් සිත ඇදිලා ගියේ නොදැනුවත්වමයි. මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක කොළඹ නගරය ගැන සතිපතා පිටු හතරක විශේෂාංගයක් පටන් ගන්නට මට අවස්ථාව ලැබුණා. (ඒ අවස්ථාව මට ලබා දුන්නේ එවකට... Continue Reading →
මෝඩයාගේ දවස කවදා ද …?
මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා. මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි. මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි.... Continue Reading →