ළමා කාලයේ තමන් හැදුණු වැඩුණු කුඩා ගම්මානයෙන් පිටවෙලා නගරයට ඇවිත් අවුරුදු ගණනාවක්ම ගතවෙලා ගිහින්. නගරයේ කලබලකාරී වාතාවරණයත් එක්ක ගම්මානයේ මතකයන් විතරක් නෙමෙයි තමන්ගේ එකම පුතා සහ බිරිද සමගවත් විවේකීව කාලය ගත කරන්නට තරම් ඉඩ කඩක් ජැක්ට තිබුණේ නැහැ. “ රොබට් අන්කල් නැති වුණා. අන්තිම කටයුතු බදාදා ”අම්මාගේ දුරකථන ඇමතුම ආවේ හදිසියෙන්. ඒ දුරකථන ඇමතුමත් එක්ක... Continue Reading →
මුරුගසං වරුසාවට තෙමෙන්නට පෙර…
අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකාවේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්‍බෙන් මට මතක් වුණේ ජනාධිපතිවරණයෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ඇත්තටම කියනවා නම් මේ නලුවා කවුරුන්ද කියන එක මතකයෙන් හරිහැටිම තෝරා බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකාවේ ප්‍රවීණ නලුවෙකු බව නම් හිතේ රැදිලා තියෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් වෙලා තිබුණේ සිනමා... Continue Reading →
කියන්න පොඩි හාමුදුරුවනේ…!
සීනුව නාද වෙන කොටත් මං හිටියේ පංති කාමරයේ කවුළුව අයිනේ. හරියට ම හිතා ගන්න බැරි ඈත අතීතයක සැරි සරමින් තිබුණු මගේ හිත සීනු හඬත් එක්ක ආපහු පියවි ලෝකයට ආවා. මහ වැස්සෙන් පස්සේ දූවිලි පොළොවෙන් විසිරිලා යන තෙතමනය මුහුවෙච්ච මේ සුවඳ හැමදාමත් මාව නොදන්නා අතීතයකට අරගෙන යනවා... මගේම පුංචි කාලයේ කොහේ හරි ඉසව්වකට. විදුහල්පති බාලසූරිය මහත්තයා... Continue Reading →
පිළිතුරක් ඕනෑ කර තිබේ….!
මගේ සේවා ස්ථානයට පහුගිය සතියක අලුත් සේවකයන් කිහිප දෙනෙක් බඳවා ගෙන තිබුණා. ඒ කිහිප දෙනාම විවිධ රටවලින් කැනඩාවට ආපු අය. කැනඩාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම පැමිණෙන විවිධාකාර ජාතීන් ඉන්නා රටක් නිසා කැනඩාවේ රැකියා ස්ථානවල විතරක් නෙමෙයි පාසල් ඇතුලු හැම පොදු ස්ථානයකම මේ විදියේ බොහොම අපූරු ජනවාර්ගික විවිධත්වයක් දකින්න පුලුවන්. ස්වභාවයෙන්ම මිතුරන් ඇති කරගන්න කැමැත්තක් තියෙන... Continue Reading →
නික්ම යාම
සඳ රැස් ගලා ඇවිදින් සිරි යහන වෙ ත විකසිත කුසුමකිය සොඳුරිය ඔබේ ව ත කිරි සුවඳක එතුණු පුතුගේ සිගිති ග ත මොහොතක් සසල කෙරුවා මා තුරුණු සි ත මල් පෙති සුවඳ මුසුවුණු සිහිලැල් පව නේ බිළිඳු සිනා විසිරෙන කිරි කැටි සිහි නේ සොඳුරුම සිත්තමකි සොඳුරිය ඔබ නය නේ හදවත් පවුර කලතා උණුසුම දැනු නේ... Continue Reading →
මං නැතිදා….!
ගෙවී ගිය සති අන්තයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක පොතක පිටුපස කවරයක සටහන් වෙලා තිබුණු එක් වැකියක් තදින්ම හිත් ගත්තේ එහි තිබුණු සංවේදී කම නිසයි. When Tomorrow Starts Without Me මේ වැකිය හිත පතුලේ නොමැකෙන විදියටම සටහන් වෙච්ච නිසා මේ වැකියට පදනම් වෙච්ච කුමක් හෝ දෙයක් ඇතිය කියලා හිතුණා. ඒ නිසා ගෙදර ඇවිත් මේ වැකිය අන්තර්ජාලයෙන්... Continue Reading →
සහසක් සිතිවිලි ගොළු වූ මොහොතක්….!
ජීවිතයේ අප අත්විදින බොහොමයක් දේවල් වචනයෙන් විස්තර කරන්න අමාරුයි.භාෂාව කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ තවත් එක් සන්නිවේදන මෙවලමක් විතරයි නේ. ඒ නිසාම ජීවිතයේ මානුෂීය හැගීම් ඒ විදියටම විස්තර කරන්නට තරම් සමත් වූ දියුණු භාෂාවක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. බිහිවෙන එකකුත් නැහැ. අපි ඒ කතාව වෙනත් විදියකට මෙහෙම කියමු. බොහොම ආදරයෙන් එකට බැඳිලා හිටිය එක්තරා... Continue Reading →
ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි (What you think you become) – බුදුන් වහන්සේ
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක් ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක් කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස් සගවා ගෙන ඉන්න... Continue Reading →
ඔබට එය කළ හැකියි…!
1974 අවුරුද්දේ Home Life කියන සඟරාවේ පළ වී තිබූ එක්තරා ලිපියක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. මේ නිසාම එදා ඉදන් අද වෙනකම් අවුරුදු හතළියක කාලයක් පුරාම මේ ලිපිය වරින් වර නැවත නැවතත් විවිධ පුවත්පත් සඟරාවන්හි පළ කෙරුණා. කතාව ලියලා තිබුණේ Elizabeth Silance Ballard. කතාව ලෝකය පුරාම පැතිරිලා ගිය නිසා සමහර විට මේ කතාව ඔබ මීට කලින්... Continue Reading →
දවසක් දා බෝ මළුවේ….!
ඒ මොහොතේ මං හිටියේ කළුතර බෝධි පූජා භූමියේ පහළ බෝ මළුවේ. සතියේ දවසක උදය වරුවක් නිසා වෙනදා වඩා තරමක නිස්කලංක බවක් තමයි බෝධි මළුවේ දකින්නට ලැබුණේ. නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක් නිසා ගෙදර හැමෝම බොහොම ආස්වාදයකින් යුක්තව ආගමික වතාවත්වල යෙදෙද්දී මං ආපහු සැරයක් බුදු මැදුරට ගොඩ වැදුණේ මල් ආසනයේ ඡායාරූපයක් ගන්න හිතාගෙන. ඒකට හේතුව වුණේ මල්... Continue Reading →