තැපැල් පෙට්ටිය ඇරලා බලද්දී මගේ නමට පාර්සලයක් ඇවිත් තිබුණා. පාර්සලය ඇතුළේ තිබුණේ පුංචි පොත් දෙකක්. වැන්කුවර් නුවර මගේ ලිපිනයට මේ පාර්සලය එවලා තිබුණේ ලංකාවේ මගේ නැන්දණියක්. පොත් දෙකටම තිබුණේ එකම නමක්, “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”. පොත් දෙක අතට ගනිද්දී මුලින්ම මතුවුණු ප්‍රශ්නය තමයි ඇයි මේ තරම් කුඩා පොත් දෙකක් එකම නමකින් එකම අවුරුද්දක... Continue Reading →
කවුරු ආවත් ඔච්චරයි!
“හැම දේකටම දේශපාලනය ගාවගන්න එපා!” නිතර අහන්න ලැබෙන කතාවක්. ඔය කතාව කියන අය ඒ එක්කම කියන තවත් කතාවකුත් තියෙනවා. ඒ තමයි “කවුරු ආවත් ඔච්චරයි!” මේ කියන කාරණාවල ඇත්තක් තිබුණත් නැතත් මේ කාරණාව කියන පිරිස දිහා බැලුවම නම් හිනා යන එක වළක්වා ගන්න බැහැ. ඒකට හේතුව ඉතිහාසය පුරාම වැඩියෙන්ම මේ කාරණය කියන්නේ එකම පිරිසක් වීම. ආණ්ඩුවක්... Continue Reading →
ඔහු තාමත් අවදියෙන්!
මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. හවස් වරුවේ පටන් ගත්ත වැස්ස තාමත් එක දිගටම වැටෙනවා. නිදාගන්න යන්න කලින් පුරුද්දට වගේ මගේ නිදන කාමරයේ කවුළුවෙන් මොහොතකට එළියට එබී බැලුවා. ඔහු තාමත් අවදියෙන්! ඔහුගේ කුටියේ පහන් එළිය වෙනදා වගේම අදත් මහ රෑ දැල්වෙනවා. පරිගණක තිරය මත ඇති කිසියම් දෙයක් වෙත දෑස් යොමාගෙන සිටින ඔහුගේ ඡායාව ජල බිංදු පතිත වුණු ජනේලය අතරින්... Continue Reading →
පහුගිය අවුරුදු ලක්ෂ අට ඇතුළත 25 වතාවක්ම ලංකාවයි, ඉන්දියාවයි එකම ගොඩබිමක්!
බුදු හාමුදුරුවෝ වැඩ වාසය කරපු වකවානුව වෙනකොටත් ලංකාවේ ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව පැහැදිලියි! සිංහයන්, කඟවේනන්, හිපපොටේමස්, ගවරුන් විතරක් නෙමෙයි මානවයන් පවා ඉන්දියාවේ ඉඳන් පයින්ම ලංකාවට ආවා ගියා! එදා ලංකාව සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලයි තිබුණේ! විජයට ලංකාවට ගොඩ බැහැලා මහ ලොකු දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නැහැ! විජය එනකොටත් අපේ රට අශ්වයන් පවා ඇති කළ ජාත්‍යන්තර... Continue Reading →
ටයිටැනික් ජීවිත
“චීන පෝසිලේන් තේ පෝච්චියක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක වගේම හිරු වටා ඉලිප්සාකාර ගමනක යනවා” “කොහෙත්ම වෙන්න බැහැ” “ඇයි නැහැ කියන්නේ ... එහෙම තේ පෝච්චියක් පෘථිවියත්, අඟහරු ග්‍රහයාත් අතර අභ්‍යවකාශයේ ඇත්තටම සැරිසරනවා” “වෙන්න බැහැනේ... ඒක ඇත්ත නම් අපිට පහසුවෙන්ම පුළුවන්නේ දුරේක්ෂයකින් බලලා ඒක ඇත්තද කියලා දැනගන්න” “තේ පෝච්චියක් කියන්නේ පුංචි දෙයක්නේ. ඉතින් අද තියෙන බලගතුම... Continue Reading →
සකුරා
සැන්දෑ අහස පුරාවට රතු පාටට හිරු එළිය පැතිරිලා ගිය හවස් වරුවේ සකුරා මල් පිපුණු මාවත දිගේ අපි ඇවිද ගෙන ගියා. මාවත දෙපැත්තම සකුරා මලින් බරවෙලා. මල් සුවඳ හැම තැනම. මල් මාවත දිගේ පාර අද්දරටම ඇවිද ගෙන ගියාට පස්සේ දැක්කේ බොහොම දුක හිතෙන දසුනක්. සකුරා මල් ගහක් බිම ඇද වැටිලා. මලින් පිරිලා ඉතිරිලා ගිය විසාල සකුරා... Continue Reading →
සතුටු නැද්ද ඔයාට…?
ඇරිස්ටෝටල් විශ්වාස කළා ගැහැනුන්ට වඩා පිරිමින්ට දත් තියෙනවා කියලා. දෙවාරයක්ම විවාහ වුණත් ඔහු කිසිම දවසක තමන්ගේ බිරින්දෑවරුන්ට කිව්වේ නැහැ දත් කීයක් තියෙනවා ද කියලා ගනන් කරලා බලන්න, එයාලගේ කට ඇරලා පෙන්නන්න කියලා. ඒකට හේතුව උසස් වර්ගයේ අශ්වයන්ට වෙළඹට වඩා දත් තියෙන බව ඇරිස්ටෝටල් දැනගෙන හිටිය හින්දා. ඉතාම පහසුවෙන් ඒ ගැන හොයා බලන්න පුළුවන්කම තිබුණත් තමන්... Continue Reading →
එකම සතියක්… සිද්ධීන් තුනක්…!
සෙනසුරාදා පාන්දරින්ම දුරකථනය නාද වුණා. දුරකථන තිරයේ තිබුණේ ලංකාවේ අංකයක් නිසා කතා කරන්නේ කවුරුන්ද කියා නොසිතාම දුරකථනය අතට ගත්තා, හදිසියකට වෙන්නත් පුලුවන් නිසා. රිසීවරය එහා පැත්තේ හිටියේ මගේ පැරණි මිත්‍රයෙක්. ආගිය තොරතුරු කතා කරන අතරේ ඔහු මගෙන් මෙහෙම ඇහුවා. “ඒක නෙමෙයි, නැද්ද ඔහේට පැන ගන්න විදියක්. දන්න අදුනන හොඳ ඒජන්සියක් එහෙම...?” ආචාර්ය උපාධියක් තියෙන මගේ... Continue Reading →
හමිංබර්ඩ්
පුංචිම පුංචි හමිංබර්ඩ්ලා දෙතුන් දෙනෙක් හැමදාම වත්තට එනවා. පැන්සලයක කෙළවර වුණත් වහන්නට පුළුවන් ලෝකයේ පුංචිම පුංචි කුරුල්ලා. උදේට, දවල්ට, හවසට දෙතුන් සැරයක්ම එක සැරේම වත්තට ඇවිත් යනවා මල්පැණි බීලා යන්න. ඇහැට නොපෙනෙන තරම් පුදුමාකාර වේගයකින් අත්තටු ගහන මේ කුරුල්ලා නිකම්ම නිකම් හිස් අවකාශයේ රැදී ඉන්න හැටි බලාගෙන ඉන්න ආසයි. මේ කුරුල්ලාට හමිංබර්ඩ් කියන නම ඇවිත් තියෙන්නෙත්... Continue Reading →
ආයෙත් ඒවි ද ඒ සමනලයා
“සෑහෙන කාලයක ඉඳන් එකතු කරපු මියුසික් තැටි ගොඩකුයි, තව විසිතුරු බඩු වගයකුයි තියෙනවා. ඔයාට දෙන්න ද?” අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්නට නිවසේ අනවශ්‍ය බඩු භාණ්ඩ පුරවා ගැනීමට කොහෙත්ම අකමැති වුණත් එක සැරේටම ‘එපා’ කියන එක ආචාරශීලී නැහැ කියලා හිතුණා. “ඒත් ඔයා ඔය දේවල් එකතු කළේ සෑහෙන කාලයක ඉඳන් නේද? ඇයි ඉතින් අරගෙන යන්නේ නැත්තේ?” “ඔව්, අවුරුදු විස්සක තිහකටත්... Continue Reading →