මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ. හිතන්න... මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා. පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා. දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි. මොකක්ද දැන් ඔබ කරන්නේ? උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ...... Continue Reading →
මේසයක් උඩ බිත්තරයක්!
මේසයක් උඩ බිත්තරයක්! හරිම සරල වාක්‍යයක්නේ! වාක්‍යය කියන කොටම බිත්තරයයි, මේසයයි ඔබේ හිතේ ඇඳිලා යන්න ඇති. ඒත් ඔබට හොඳටම විශ්වාස ද ඔබ හිතෙන් මවා ගත්ත රූපයයි, මම හිතෙන් මවා ගත්ත රූපයයි එකක්ම කියලා...? සමහරවිට ඔබේ හිතේ ඇඳිලා ගියේ මේසයක් මත තියෙන සුදු පාට කුකුළු බිත්තරයක් වෙන්න ඇති... නැතිනම් දුඹුරු පාට ගම් බිත්තරයක්...? ඇයි මේ බිත්තරය තාරා... Continue Reading →
වහින්නට හැකි නම් ගිගුම් දී…
එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා. ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා. “ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි... ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ... Continue Reading →
ඔය දොරගුළු හැර දමන්න…!
බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන්... Continue Reading →
මුරුගසං වරුසාවට තෙමෙන්නට පෙර…
අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකාවේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්‍බෙන් මට මතක් වුණේ ජනාධිපතිවරණයෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ඇත්තටම කියනවා නම් මේ නලුවා කවුරුන්ද කියන එක මතකයෙන් හරිහැටිම තෝරා බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකාවේ ප්‍රවීණ නලුවෙකු බව නම් හිතේ රැදිලා තියෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් වෙලා තිබුණේ සිනමා... Continue Reading →
වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!
හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ. කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි. ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක්... Continue Reading →
ජාති ආලයේ තියරිය
“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය. වසර හැට හතරක “ නිදහස ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත්... Continue Reading →
මෝඩයාගේ දවස කවදා ද …?
මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා. මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි. මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි.... Continue Reading →
කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?
මගේ හිතවතෙක් ළගදී මට අපූරු කතාවක් කිව්වා. මේ කතාව කොයි තරම් දුරට ඇත්ත කතාවක් ද කියලා කියන්න මිතුරා හරිහැටි දැන හිටියේ නැතත් ඒ කතාවෙන් මතු කරන හාස්‍යය යටින් තියෙන්නේ කොයි තරම් කටුක ඇත්තක් ද කියලා මට ආපහු වතාවක් මතක් වුණේ ඊයේ පෙරේ දා දැක්ක පුවතක් නිසයි. ඒ පුවත කියන්නට කලින් මිතුරාගේ කතාව කියන්නට සිද්ධ වෙනවා. පහුගිය... Continue Reading →
“රැවටීම සහ රැවට්ටීම”
ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →