මගේ සේවා ස්ථානයට පහුගිය සතියක අලුත් සේවකයන් කිහිප දෙනෙක් බඳවා ගෙන තිබුණා. ඒ කිහිප දෙනාම විවිධ රටවලින් කැනඩාවට ආපු අය. කැනඩාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම පැමිණෙන විවිධාකාර ජාතීන් ඉන්නා රටක් නිසා කැනඩාවේ රැකියා ස්ථානවල විතරක් නෙමෙයි පාසල් ඇතුලු හැම පොදු ස්ථානයකම මේ විදියේ බොහොම අපූරු ජනවාර්ගික විවිධත්වයක් දකින්න පුලුවන්. ස්වභාවයෙන්ම මිතුරන් ඇති කරගන්න කැමැත්තක් තියෙන... Continue Reading →
දවසක් දා බෝ මළුවේ….!
ඒ මොහොතේ මං හිටියේ කළුතර බෝධි පූජා භූමියේ පහළ බෝ මළුවේ. සතියේ දවසක උදය වරුවක් නිසා වෙනදා වඩා තරමක නිස්කලංක බවක් තමයි බෝධි මළුවේ දකින්නට ලැබුණේ. නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක් නිසා ගෙදර හැමෝම බොහොම ආස්වාදයකින් යුක්තව ආගමික වතාවත්වල යෙදෙද්දී මං ආපහු සැරයක් බුදු මැදුරට ගොඩ වැදුණේ මල් ආසනයේ ඡායාරූපයක් ගන්න හිතාගෙන. ඒකට හේතුව වුණේ මල්... Continue Reading →
වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!
හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ. කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි. ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක්... Continue Reading →
පොතක් එක්ක කතා කරමු
සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය. සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී... Continue Reading →
ජාති ආලයේ තියරිය
“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය. වසර හැට හතරක “ නිදහස ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත්... Continue Reading →
මෝඩයාගේ දවස කවදා ද …?
මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා. මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි. මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි.... Continue Reading →
“රැවටීම සහ රැවට්ටීම”
ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →