එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම … දිගටම එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට! කියවන්න

Advertisements

බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!

දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු‍ වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ … දිගටම බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි! කියවන්න

ඒ දිවයිනට මා, පා කර හරින්න

ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද  කියනවා නම් ඔය කිව්ව කවරයේ  පෙනුම විතරක් නෙමෙයි සිය … දිගටම ඒ දිවයිනට මා, පා කර හරින්න කියවන්න

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

ලංකාවේ ජීවත් වෙන මගේ සමීපතම ඥාතියෙක්, මේ ගෙවී යන වසන්තයේ කෙටි සංචාරයකට කැනඩාවට ආවා. මලින් පලින් පිරුණු මේ වසන්ත සමයේ කැනඩාවේ තමන්ට අත්විඳින්නට ලැබුණු හැම අත්දැකීමක්ම හරිම  ආස්වාදයකින් රසවින්ඳත්, දවස සම්පූර්ණ වන්නට නම් තවත් එක් දෙයක් ඔහුට නැතිවම බැරි වුණා. ඒ ලංකාවේ රූපවාහිනිය, විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශය නැරඹීමයි. මා ජීවත් වන වැන්කුවර් නගරයත්, ලංකාවත් අතර පැය … දිගටම අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…! කියවන්න

පිපුණු කුසුම පරවූවා

ඒ සුන්දර උදෑසන මට කිසිදිනක අමතක නොවනු ඇත. සුවිසල් පැසිෆික් සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි. හිමිදිරි වළාකුළු මතින් හිරු රැස් පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි. වරින් වර රංචු ගැසී පියාඹා යන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්, ගමන … දිගටම පිපුණු කුසුම පරවූවා කියවන්න

තාරකා පෙළින් එහා

chandrasiri bandara බොහොම කාලයක ඉඳන් දැන හඳුනා ගෙන හිටිය මගේ මිතුරියකට සිය එකම පුතාත්, සැමියාත් එක්ක බටහිර රටක ස්ථිර පදිංචියට වීසා ලැබුණා.   බොහොම සතුටින් මේ ආරංචිය දුරකථනයෙන් මට දන්වපු ඇය මගෙන් එක උදව්වක් ඉල්ලලා හිටියා.   ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට යන මේ ගමන වෙනුවෙන් නිවසින් පිටත්ව යන්නට හොඳ නැකතක්  සකස් කර ගන්නට ඇයට … දිගටම තාරකා පෙළින් එහා කියවන්න

දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ

හිටි හැටියේම ඔබ අවුරුදු මිලියන ගණනාවක් ඈත අතීතයේ වාසය කළ ලුසී නම් වූ ආදි කල්පික මානවයා බවට පත් වුණා කියලා සිතන්න. ලොමින් පිරුණු සිරුරින් සපිරි ඔබ දැන් මේ සැරිසරමින් සිටින්නේ අප්‍රිකානු විසල් බිම් තීරුවක් අතරින්. ඔබ මේ ඇවිද යමින් සිටින බිම් තීරුවේ සරුවට වැඩුණු පඳුරක් තියෙනවා. මේ පඳුරේ කොළ සෙළවෙන හැටි ඈතදීම ඔබට පේනවා. මේ … දිගටම දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ කියවන්න

ඒහි පස්සිකෝ

පහුගිය වසන්ත කාලයේ දී කැනඩාවට වැඩම කරපු හාමුදුරු නමක් තමන්ගේ දේශනාවක් අතරතුරේ දී අපූරු කතාවක් කිව්වා. හාමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් ඒ අදහස මෙහෙමයි: “ ලංකාවන් බුදුදහම නැතිවෙලාම ගියත් ඒකෙන් බුදුදහමට නම් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ අපි සැබෑ බුද්ධාගම අනුගමනය නොකරන හින්දා ”. හාමුදුරුවන් මේ කරුණ දේශනා කළේ තමන්ගේ දේශනාවේ දී මතුවුණු … දිගටම ඒහි පස්සිකෝ කියවන්න

ඔබ සිටින්නේ කොතැන ද?

ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා. වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි. ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා. … දිගටම ඔබ සිටින්නේ කොතැන ද? කියවන්න

වහින්නට හැකි නම් ගිගුම් දී…

එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා. ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා. “ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි... ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ … දිගටම වහින්නට හැකි නම් ගිගුම් දී… කියවන්න