පොතක් එක්ක කතා කරමු

සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය. සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී... Continue Reading →

ජාති ආලයේ තියරිය

“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය. වසර හැට හතරක “ නිදහස  ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත්... Continue Reading →

මේ පිළිමය කාගේ ද …?

මේ පිළිමය කාගේ ද ...? බොහෝ දෙනෙක් පරාක්රමබාහු පිළිමය නමින් හදුන්වන පොළොන්නරුවේ පිහිටි ලෝ පතල පිළිමය සැබැවින්ම කවුරුන් වෙනුවෙන් නිර්මාණය වූවක් ද යන්න එදා මෙන්ම අදත් කතා බහට ලක්වන්නකි.  ඇතැමෙක් එය පරාක්රමබාහු රජුන් නියෝජනය කරන්නක් ලෙස සලකන අතර තවත් පිරිසක් එය අගස්ති වැනි ඍෂිවරයෙක් නියෝජනය කරන්නක් ලෙසින් සළකති. මෙම පිළිමය සම්බන්ධව ඉතාම මෑතක දී ලංකාවේ... Continue Reading →

කොළඹ ඉදන් කතරගමට එදා ගියේ පයින්…! දොස්තර පී. ආර්. අන්තෝනිස්

    බොහොමයක් අතීත මතක සටහන් හරිම සුන්දරයි. මේ නිසාම ඒ අතීත මතකයන් සිහිපත් කිරීමත් සුන්දර අත්දැකීමක්. පැරණි ලිපි ගොනු පෙරලා බලද්දී ඒ සුන්දර අතීත මතකයට ආයෙත් සිත ඇදිලා ගියේ නොදැනුවත්වමයි. මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක කොළඹ නගරය ගැන සතිපතා පිටු හතරක විශේෂාංගයක් පටන් ගන්නට මට අවස්ථාව ලැබුණා. (ඒ අවස්ථාව මට ලබා දුන්නේ එවකට... Continue Reading →

මෝඩයාගේ දවස කවදා ද …?

මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා. මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි. මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි.... Continue Reading →

රුපියලකින් සුමානයක් ම කන්න පුලුවන් ...! ආනන්ද විජයවීර මහතා මිය ගිය දුක්බර පුවත කිසියම් පුවත්පතක තිබී මගේ නෙත ගැටුණේ සති කිහිපයකට පෙරදීය. වසර 40 ක කාලයක් පුරා රාජ්‍ය සේවයේ බොහෝ තනතුරු දැරූ මේ සුන්දර මිනිසා සතුව බොහෝ අත්දැකීම් තිබූ අතරම ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක් ද වූයේය. අද දවසේ පරිපාලන සේවයේ නිලධාරීන් ළග... Continue Reading →

කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?

මගේ හිතවතෙක් ළගදී මට අපූරු කතාවක් කිව්වා. මේ කතාව කොයි තරම් දුරට ඇත්ත කතාවක් ද කියලා කියන්න මිතුරා හරිහැටි දැන හිටියේ නැතත්  ඒ කතාවෙන් මතු කරන හාස්‍යය යටින් තියෙන්නේ කොයි තරම් කටුක ඇත්තක් ද කියලා මට ආපහු වතාවක් මතක් වුණේ ඊයේ පෙරේ දා දැක්ක පුවතක් නිසයි. ඒ පුවත කියන්නට කලින් මිතුරාගේ කතාව කියන්නට සිද්ධ වෙනවා. පහුගිය... Continue Reading →

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →

මැතිවරණයෙන් මැතිවරණයට සිද්ධ වෙන්නේ අපේ සමාජය කඩා වැටීමයි …!

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන් කොටස...) වසර 40 කට පෙර ලංකාවේ ඔබ ඉගැන්වූ සරසවි සිසු පරපුරත් ,  මෑතදී ගෙවී ගිය වසර 40 ක කාලයක තුළ කැනඩාවේ ඔබ ඉගැන්වූ සිසු පරපුරත් අතර වෙනසක් ඔබ දකිනවාද ...? ඔව් විශාල වෙනසක්දකිනවා. මෙහේ සිසුන් ඉගැනීම ලබන්නේ හරිම උනන්දුවකින්. අපේ සිසුන්ගේ ඒ ආකාරයේ උනන්දුවක් තිබෙන බවක් මට පේන්නේ නැහැ. උනන්දුවක් දක්වනවා... Continue Reading →

විචාර කලාවක් අද ලංකාවේ නැහැ …! – මහාචාර්ය සිරි ගුනසිංහ (දෙවන කොටස)

(පළමු කොටස මෙතැනින් යන්න ) ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ? ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක්... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑