ඒ තාත්තාත්, මේ තාත්තාත් හැර තවත් තාත්තලා සිටී ද?

“පොඩ්ඩකට කතා කරන්න පුළුවන් ද?” කෙටි පණිවිඩය ආවේ මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන්. අපි දෙන්නා ඉන්නේ සැතපුම් දහස් ගානක් ඈත. මට දවස පටන් ගත්තා විතරයි… ඒත් ලංකාවේ ඔහුට මහ රෑ. වරින් වර අදහස් හුවමාරු කර ගත්තත් ඔහු සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලීම් නොකරන කෙනෙක්. ඒ නිසාම රාජකාරී හෝරාවක් වුණත් දෙවරක් නොසිතාම ඔහුට ඇමතුමක් ගත්තා. “ළඟින් ආශ්‍රය කරන තවත් මිත්‍රයන්... Continue Reading →

ඔහු තාමත් අවදියෙන්!

මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. හවස් වරුවේ පටන් ගත්ත වැස්ස තාමත් එක දිගටම වැටෙනවා. නිදාගන්න යන්න කලින් පුරුද්දට වගේ මගේ නිදන කාමරයේ කවුළුවෙන් මොහොතකට එළියට එබී බැලුවා. ඔහු තාමත් අවදියෙන්! ඔහුගේ කුටියේ පහන් එළිය වෙනදා වගේම අදත් මහ රෑ දැල්වෙනවා. පරිගණක තිරය මත ඇති කිසියම් දෙයක් වෙත දෑස් යොමාගෙන සිටින ඔහුගේ ඡායාව ජල බිංදු පතිත වුණු ජනේලය අතරින්... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑