ආදරෙයි මම ආදරෙයි!

මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ. හිතන්න... මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා. පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා. දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි. මොකක්ද දැන් ඔබ කරන්නේ? උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ...... Continue Reading →

මේසයක් උඩ බිත්තරයක්!

මේසයක් උඩ බිත්තරයක්! හරිම සරල වාක්‍යයක්නේ! වාක්‍යය කියන කොටම බිත්තරයයි, මේසයයි ඔබේ හිතේ ඇඳිලා යන්න ඇති. ඒත් ඔබට හොඳටම විශ්වාස ද ඔබ හිතෙන් මවා ගත්ත රූපයයි, මම හිතෙන් මවා ගත්ත රූපයයි එකක්ම කියලා...? සමහරවිට ඔබේ හිතේ ඇඳිලා ගියේ මේසයක් මත තියෙන සුදු පාට කුකුළු බිත්තරයක් වෙන්න ඇති... නැතිනම් දුඹුරු පාට ගම් බිත්තරයක්...? ඇයි මේ බිත්තරය තාරා... Continue Reading →

දවස් ගෙවී ගියා මෙසේ

සති තුනක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් සති තුනක කෙටි කාලයක දී කෙනෙකුට විවිධාකාර අත්දැකීම් අත්විඳින්නට පුලුවන්. බොහොමයක් වෙලාවට කෙනෙකුගේ මිහිරි අත්දැකීම් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලිකයි, ඒ වගේම භාවාතිශයයි. ඒ නිසා ඒ මිහිරි අත්දැකීම් බෙදා හදා ගැනීම තවත් කෙනෙකුට නීරස වෙනවා වගේම ඒ කියන අර්ථයෙන් විඳින්නත් බැහැ. ඒත් අමිහිරි අත්දැකීම් කියන්නේ තවත් කෙනෙකුත් එක්ක බෙදා... Continue Reading →

මළ බව නොදැන ජීවත් වීම

  පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්. වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා - ඇමරිකා දේශ සීමාව ආසන්නයේ... Continue Reading →

එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →

බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!

දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු‍ වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ... Continue Reading →

ඒ දිවයිනට මා, පා කර හරින්න

ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද  කියනවා නම් ඔය කිව්ව කවරයේ  පෙනුම විතරක් නෙමෙයි සිය... Continue Reading →

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!

ලංකාවේ ජීවත් වෙන මගේ සමීපතම ඥාතියෙක්, මේ ගෙවී යන වසන්තයේ කෙටි සංචාරයකට කැනඩාවට ආවා. මලින් පලින් පිරුණු මේ වසන්ත සමයේ කැනඩාවේ තමන්ට අත්විඳින්නට ලැබුණු හැම අත්දැකීමක්ම හරිම  ආස්වාදයකින් රසවින්ඳත්, දවස සම්පූර්ණ වන්නට නම් තවත් එක් දෙයක් ඔහුට නැතිවම බැරි වුණා. ඒ ලංකාවේ රූපවාහිනිය, විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශය නැරඹීමයි. මා ජීවත් වන වැන්කුවර් නගරයත්, ලංකාවත් අතර පැය... Continue Reading →

තාරකා පෙළින් එහා

බොහොම කාලයක ඉඳන් දැන හඳුනා ගෙන හිටිය මගේ මිතුරියකට සිය එකම පුතාත්, සැමියාත් එක්ක බටහිර රටක ස්ථිර පදිංචියට වීසා ලැබුණා.   බොහොම සතුටින් මේ ආරංචිය දුරකථනයෙන් මට දන්වපු ඇය මගෙන් එක උදව්වක් ඉල්ලලා හිටියා.   ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට යන මේ ගමන වෙනුවෙන් නිවසින් පිටත්ව යන්නට හොඳ නැකතක්  සකස් කර ගන්නට ඇයට උවමනා වුණා.... Continue Reading →

දිව්‍ය ‍ලෝ‍කේ ළඟයි ‍පේන මා‍නේ

හිටි හැටියේම ඔබ අවුරුදු මිලියන ගණනාවක් ඈත අතීතයේ වාසය කළ ලුසී නම් වූ ආදි කල්පික මානවයා බවට පත් වුණා කියලා සිතන්න. ලොමින් පිරුණු සිරුරින් සපිරි ඔබ දැන් මේ සැරිසරමින් සිටින්නේ අප්‍රිකානු විසල් බිම් තීරුවක් අතරින්. ඔබ මේ ඇවිද යමින් සිටින බිම් තීරුවේ සරුවට වැඩුණු පඳුරක් තියෙනවා. මේ පඳුරේ කොළ සෙළවෙන හැටි ඈතදීම ඔබට පේනවා. මේ... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: