තැඹිලි පාට දැක්කම ඔබට ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක් ද...? තැඹිලි කියන්නේ පුදුමාකාර විදියට සුවිශේෂී වර්ණයක්. රතු පාට කිව්වොත් මුළු ලෝකයටම තියෙනවා පොදු හැඟීමක්. ඒ කියන්නේ ‘අනතුරක්’ වගේ දෙයක්. ඒකට හේතුව අපේ ලේ රතුපාට හින්දා. නිල් පාට ගත්තමත් එහෙමයි. ශාන්ත ගතියක්. මුළු ලෝකයේම වෛද්‍ය සේවාවත් එක්ක නිල් පාට බැඳිලා තියෙන්නේ ඒ හින්දයි. ඔය විදියට කළු, සුදු,... Continue Reading →
පුස්තකාලයට යන පාර මතක ද?
කෝටි දහයකට වැඩි පිරිසක් (මිලියන 100 ක්) අවුරුද්දක් ඇතුළත පුස්තකාලය පරිහරණය කිරීම කිසිසේත්ම සුළුවෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම සංවර්ධනයේ හිනිපෙත්තේ ඉන්න කැනඩාව වගේ රටක! පහුගිය 2024 අවුරුද්දේත් සුපුරුදු පරිදිම කැනඩාවේ පුස්තකාල ජාලය වාර්ෂිකව පරිහරණය කරන පිරිස කෝටි දහය ඉක්මවා ගියා. කොටින්ම කිව්වොත් කැනඩාවේ ජනතාව සිනමාහල්වලට ඇදෙනවාට වඩා වැඩිපුර පුස්තකාලය පරිහරණය කරනවා. පුස්තකාලය තමයි... Continue Reading →
මළ බව නොදැන ජීවත් වීම
පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්. වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා - ඇමරිකා දේශ සීමාව ආසන්නයේ... Continue Reading →
බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!
දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ... Continue Reading →
ඔබ සිටින්නේ කොතැන ද?
ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා. වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි. ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.... Continue Reading →
වහින්නට හැකි නම් ගිගුම් දී…
එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා. ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා. “ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි... ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ... Continue Reading →
මං දිහා බලාගෙන ඉන්නකෝ
පච්චයක් කොටා ගත්ත තරුණයෙක් ලෝක නායකයෙක් බවට පත් වෙච්ච මුල්ම අවස්ථාව ගැන එක්තරා පුවත්පතක දින කිහිපයකට පෙර පුවතක් පළ වෙලා තිබුණා. මේ පුවතට පදනම් වෙලා තිබුණු රට කැනඩාව. පච්චය කොටා ගත්ත තරුණයා ජස්ටින් ටෲඩෝ. පහුගිය සතියේ පැවැති කැනේඩියානු මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා ගත් වත්මන් කැනේඩියානු අගමැතිවරයායි ඔහු. ලෝකයේ දෙවැනි විශාලතම රට වන කැනඩාව... Continue Reading →
වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!
හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ. කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි. ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක්... Continue Reading →
පොතක් එක්ක කතා කරමු
සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය. සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී... Continue Reading →
“රැවටීම සහ රැවට්ටීම”
ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →