ආදරෙයි මම ආදරෙයි!

මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ. හිතන්න... මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා. පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා. දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි. මොකක්ද දැන් ඔබ කරන්නේ? උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ...... Continue Reading →

කවුරු ආවත් ඔච්චරයි!

“හැම දේකටම දේශපාලනය ගාවගන්න එපා!” නිතර අහන්න ලැබෙන කතාවක්. ඔය කතාව කියන අය ඒ එක්කම කියන තවත් කතාවකුත් තියෙනවා. ඒ තමයි “කවුරු ආවත් ඔච්චරයි!” මේ කියන කාරණාවල ඇත්තක් තිබුණත් නැතත් මේ කාරණාව කියන පිරිස දිහා බැලුවම නම් හිනා යන එක වළක්වා ගන්න බැහැ. ඒකට හේතුව ඉතිහාසය පුරාම වැඩියෙන්ම මේ කාරණය කියන්නේ එකම පිරිසක් වීම. ආණ්ඩුවක්... Continue Reading →

ඔහු තාමත් අවදියෙන්!

මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. හවස් වරුවේ පටන් ගත්ත වැස්ස තාමත් එක දිගටම වැටෙනවා. නිදාගන්න යන්න කලින් පුරුද්දට වගේ මගේ නිදන කාමරයේ කවුළුවෙන් මොහොතකට එළියට එබී බැලුවා. ඔහු තාමත් අවදියෙන්! ඔහුගේ කුටියේ පහන් එළිය වෙනදා වගේම අදත් මහ රෑ දැල්වෙනවා. පරිගණක තිරය මත ඇති කිසියම් දෙයක් වෙත දෑස් යොමාගෙන සිටින ඔහුගේ ඡායාව ජල බිංදු පතිත වුණු ජනේලය අතරින්... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: