දූපතේ නිධානය – The Treasure on the Island

දූපතේ නිධානයක් ඇති බවත්, එය ඇති තැන තමාට පෙන්විය හැකි බවත් මුලින්ම කීවේ මගේ දියණිය සමාධීය. දූපතට ආ ගිය වාර ගණන් බොහෝය. ඒ හැම අවස්ථාවක්ම පාහේ කෙළවර වූයේ දුපතේ සොබා සිරිය විඳීමෙනි. ඉඳහිට එයින් පිට පැන්නේ මහාචාර්ය සිරි ගුනසිංහයන් හමුවන්නට ගිය අවස්ථාවහි දී පමණි. සිය ජීවිතයේ අවසානය දක්වාම තමන් ජීවත් වූ කැනඩාවේ වික්ටෝරියා දූපතේ ඇති... Continue Reading →

වක්කඩ ළඟ විචාර

“එක සිත දෙතැනක නතර වෙලා…” ටී. එම්. ජයරත්නයන්ගේ අතිශය ජනප්‍රිය ගීතයක්. කාලයකට කලින් රූපවාහිනී නාලිකාවක මේ ගීතය ප්‍රචාරය වුණේ අපූරු රූප රාමු පෙළක් එක්ක. ඒත් කුමක්දෝ නොගැලපීමක් බැලූ බැල්මටම පෙනුනා. රූප රාමු පෙළේ හිටියේ කඩවසම් තරුණයෙක් එක්ක රුවැති යුවතියන් දෙන්නෙක්. කිසිදා එක් නොවෙන රේල් පාරක යුවතියන් දෙදෙනා ගමන් කරද්දී තරුණයා සිටියේ රේල් පාර මැද්දේ; ඒ දෙන්නා දිහා... Continue Reading →

මේ පිළිමය කාගේ ද …?

මේ පිළිමය කාගේ ද ...? බොහෝ දෙනෙක් පරාක්රමබාහු පිළිමය නමින් හදුන්වන පොළොන්නරුවේ පිහිටි ලෝ පතල පිළිමය සැබැවින්ම කවුරුන් වෙනුවෙන් නිර්මාණය වූවක් ද යන්න එදා මෙන්ම අදත් කතා බහට ලක්වන්නකි.  ඇතැමෙක් එය පරාක්රමබාහු රජුන් නියෝජනය කරන්නක් ලෙස සලකන අතර තවත් පිරිසක් එය අගස්ති වැනි ඍෂිවරයෙක් නියෝජනය කරන්නක් ලෙසින් සළකති. මෙම පිළිමය සම්බන්ධව ඉතාම මෑතක දී ලංකාවේ... Continue Reading →

මැතිවරණයෙන් මැතිවරණයට සිද්ධ වෙන්නේ අපේ සමාජය කඩා වැටීමයි …!

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන් කොටස...) වසර 40 කට පෙර ලංකාවේ ඔබ ඉගැන්වූ සරසවි සිසු පරපුරත් ,  මෑතදී ගෙවී ගිය වසර 40 ක කාලයක තුළ කැනඩාවේ ඔබ ඉගැන්වූ සිසු පරපුරත් අතර වෙනසක් ඔබ දකිනවාද ...? ඔව් විශාල වෙනසක්දකිනවා. මෙහේ සිසුන් ඉගැනීම ලබන්නේ හරිම උනන්දුවකින්. අපේ සිසුන්ගේ ඒ ආකාරයේ උනන්දුවක් තිබෙන බවක් මට පේන්නේ නැහැ. උනන්දුවක් දක්වනවා... Continue Reading →

විචාර කලාවක් අද ලංකාවේ නැහැ …! – මහාචාර්ය සිරි ගුනසිංහ (දෙවන කොටස)

(පළමු කොටස මෙතැනින් යන්න ) ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ? ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක්... Continue Reading →

භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ

භාෂා ගණනාවක හසළ පඩිවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ පුරෝගාමී සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , සාහිත්‍ය විචාරකයෙකු , සිනමාවේදියෙකු   මෙන්ම කලා ඉතිහාසඥයකු ලෙස ද විවිධ මං සලකුණු තැබූ මහාචාර්යවරයෙකි. 1956 දී නූතන නිසදැස් කවි සම්පදාය සිංහල සාහිත්‍යයට හදුන්වා දුන් ඔහු විසින් සිංහල භාෂාවේ වෙනස්වීම් අරබයා මතු කරන ලද අදහස් බොහෝ වාද විවාදයන්ට පාදක වෙමින් අද දක්වාම කතා... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑