පුස්තකාලයට යන පාර මතක ද?

කෝටි දහයකට වැඩි පිරිසක් (මිලියන 100 ක්) අවුරුද්දක් ඇතුළත පුස්තකාලය පරිහරණය කිරීම කිසිසේත්ම සුළුවෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම සංවර්ධනයේ හිනිපෙත්තේ ඉන්න කැනඩාව වගේ රටක! පහුගිය 2024 අවුරුද්දේත් සුපුරුදු පරිදිම කැනඩාවේ පුස්තකාල ජාලය වාර්ෂිකව පරිහරණය කරන පිරිස කෝටි දහය ඉක්මවා ගියා.   කොටින්ම කිව්වොත් කැනඩාවේ ජනතාව සිනමාහල්වලට ඇදෙනවාට වඩා වැඩිපුර පුස්තකාලය පරිහරණය කරනවා. පුස්තකාලය තමයි... Continue Reading →

දමා යන්නට නොහැකි මිහිමත – එකම සම්පත ඔබම පමණයි!

“මෙතැන ඉදන් ඔරිගන් වලට ගිහින් එන්න කිලෝ මීටර් දාහකට වැඩියි ... අදම එන්න පුළුවන් කියලා විශ්වාස ද?” කැනඩා - ඇමරිකානු දේශසීමාවේ හිටපු ආගමන විගමන නිලධාරියා මගෙන් ඇහුවා. හිමිදිරිය වුණත් පෙරදිග අහස අළු පාටට හැරිලා තිබුණා. ඒකට හේතුව හිමපතනයක් කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියලා තිබුණු හින්දයි.  “ඔව්... මේක නොයාම බැරි ගමනක්”, මං ඔහුට පිළිතුරු දුන්නා. ගමනට... Continue Reading →

එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →

වහින්නට හැකි නම් ගිගුම් දී…

එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා. ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා. “ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි... ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ... Continue Reading →

මං දිහා බලාගෙන ඉන්නකෝ

පච්චයක් ‍කොටා ගත්ත තරුණ‍යෙක් ‍ලෝක නායක‍යෙක් බවට පත් ‍වෙච්ච මුල්ම අවස්ථාව ගැන එක්තරා පුවත්පතක ‍දින කිහිපයකට ‍පෙර පුවතක් පළ ‍වෙලා තිබුණා. ‍මේ පුවතට පදනම් ‍වෙලා තිබු‍ණු රට කැනඩාව. පච්චය ‍කොටා ගත්ත තරුණයා ජස්ටින් ටෲ‍ඩෝ. පහුගිය සති‍යේ පැවැති කැ‍නේඩියානු මහ මැතිවරණ‍යෙන් අති විශිෂ්ට ජයක් ලබා ගත් වත්මන් කැ‍‍නේඩියානු අගමැතිවරයායි ඔහු. ‍ලෝක‍යේ ‍දෙවැනි විශාලතම රට ‍වන කැනඩා‍ව... Continue Reading →

වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!

හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ. කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි. ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක්... Continue Reading →

පොතක් එක්ක කතා කරමු

සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය. සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී... Continue Reading →

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑