මං නැතිදා….!

ගෙවී ගිය සති අන්තයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක පොතක පිටුපස කවරයක සටහන් වෙලා තිබුණු එක් වැකියක් තදින්ම හිත් ගත්තේ එහි තිබුණු සංවේදී කම නිසයි. When Tomorrow Starts Without Me මේ වැකිය හිත පතුලේ නොමැකෙන විදියටම සටහන් වෙච්ච නිසා මේ වැකියට පදනම් වෙච්ච කුමක් හෝ දෙයක් ඇතිය කියලා හිතුණා. ඒ නිසා ගෙදර ඇවිත් මේ වැකිය අන්තර්ජාලයෙන්... Continue Reading →

සහසක් සිතිවිලි ගොළු වූ මොහොතක්….!

ජීවිතයේ අප අත්විදින බොහොමයක් දේවල් වචනයෙන් විස්තර කරන්න අමාරුයි.භාෂාව කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ තවත් එක් සන්නිවේදන මෙවලමක් විතරයි නේ. ඒ නිසාම ජීවිතයේ මානුෂීය හැගීම් ඒ විදියටම විස්තර කරන්නට තරම් සමත් වූ දියුණු භාෂාවක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. බිහිවෙන එකකුත් නැහැ. අපි ඒ කතාව වෙනත් විදියකට මෙහෙම කියමු. බොහොම ආදරයෙන් එකට බැඳිලා හිටිය එක්තරා... Continue Reading →

ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි (What you think you become) – බුදුන් වහන්සේ

පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක් ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක් කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස් සගවා ගෙන ඉන්න... Continue Reading →

ඔබට එය කළ හැකියි…!

1974 අවුරුද්දේ Home Life කියන සඟරාවේ පළ වී තිබූ එක්තරා ලිපියක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. මේ නිසාම එදා ඉදන් අද වෙනකම් අවුරුදු හතළියක කාලයක් පුරාම මේ ලිපිය වරින් වර නැවත නැවතත් විවිධ පුවත්පත් සඟරාවන්හි පළ කෙරුණා. කතාව ලියලා තිබුණේ Elizabeth Silance Ballard. කතාව ලෝකය පුරාම පැතිරිලා ගිය නිසා සමහර විට මේ කතාව ඔබ මීට කලින්... Continue Reading →

දවසක් දා බෝ මළුවේ….!

ඒ මොහොතේ මං හිටියේ කළුතර බෝධි පූජා භූමියේ පහළ බෝ මළුවේ. සතියේ දවසක උදය වරුවක් නිසා වෙනදා වඩා තරමක නිස්කලංක බවක් තමයි බෝධි මළුවේ දකින්නට ලැබුණේ. නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක් නිසා ගෙදර හැමෝම බොහොම ආස්වාදයකින් යුක්තව ආගමික වතාවත්වල යෙදෙද්දී මං ආපහු සැරයක් බුදු මැදුරට ගොඩ වැදුණේ මල් ආසනයේ ඡායාරූපයක් ගන්න හිතාගෙන. ඒකට හේතුව වුණේ මල්... Continue Reading →

ඔබට පෙනෙනවා ද මේ සිතුවම….?

මේ වචන පේළියට පහළින් පෙනෙන අවකාශයේ ඇති සිතුවම ඔබට පෙනෙනවා ද ...? ඉහත අවකාශය තුළ ඔබට සිතුවමක් පෙනුනත් නැතත් මේ කියන්නට යන කතාව ඔය කියන සිතුවමට කෙළින්ම සම්බන්ධයි. මුලින්ම කියන්නට ඕනේ මේ කතාව ඇස ගැටුණේ ෆේස් බුක් අඩවියේ හුවමාරු වුණු ලිපියක බව. ආගමික කරුණු සමග කෙළින්ම ගැට ගැහිලා තිබුණත් මේ කතාවේ තියෙන ගැඹුරු අර්ථය පටු... Continue Reading →

පමා වෙවී ඉඳිනට නැත වේලා…!

ඒ සීත සෘතුවේ තවත් එක් උදෑසනක්.කාර්යාලවලට යන්න ඒ වගේම පාසල් වලට යා ගන්නට හැමෝම ලහි ලහියේ සූදානම් වන තවත් එක් හිමිදිරියක්.හරියටම කියනවා නම් වෙලාව උදේ 7.51 යි. තම තමන්ගේ කටයුතුවලට හැම දෙනාම කඩි මුඩියේ දිව යන මේ මොහොතේ ඇමරිකාවේ වොෂිංටන් ඩී සී ප්රධාන දුම්රිය නැවතුම් පොළට බොහොම ප්රසන්න පෙනුමක් තිබුණු තරුණ මිනිසෙක් ඇතුලු වුණා. ඩෙනිම්... Continue Reading →

වෙසෙත් උතුමෝ අහුරු ගණනින්….!

හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ. කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි. ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක්... Continue Reading →

රළු පරළු මහල්ලා

නිරිතදිග ඇමරිකාවේ නිසංසල නගරයක් වන නෙබ්රස්කා (Nebraska) හි පිහිටි වැඩිහිටියන්ට වෙන් වූ සාත්තු නිවාසයක දී එක්තරා මහලු මිනිසෙක් මිය ගියේය. මේ මහලු මිනිසා සතුව වටිනාකමක් ඇති කිසිදු වස්තුවක් තිබූ බවක් පෙනෙන්නට නොවීය. එහෙත් පසුව ,  ඔහු පරිහරණය කළ භාණ්ඩ අස් පස් කර දැමීමේ දී සාත්තු නිවාසයේ හෙදියන්ට හදිසියෙන්ම හමු වූයේ වියපත් මිනිසා විසින් ලියන ලද කවි... Continue Reading →

සියල්ලටම හේතුවක් ඇත….!

කැනේඩියානු සාහිත්‍යය ගැන අප දන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතු කිහිපයක් ම තියෙනවා. මූලිකම හේතුව ලෝකයේ සෙසු ජාතීන් එක්ක සංසන්දනය කරද්දී කැනඩාව ඉන්නේ තවමත් ළදරු අවදියක වීම. (මෙතැනදී ළදරු අවදියක කියලා කිව්වේ ජාතියක් විදියට දිග ඉතිහාසයක් නැතිය යන අදහසින් පමණයි. අනෙක් සෑම අංශයකින්ම කැනඩාව ඉන්නේ සංවර්ධිත රටවල් අතර ඉහළම තැනකයි.) ඒ නිසාම රුසියානු , ප්‍රංශ ,... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑