ගුවන්විදුලියේ සවස හයේ ප්රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා. වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්රවෘත්ති සේවා විකාශයටයි. ප්රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.... Continue Reading →
වහින්නට හැකි නම් ගිගුම් දී…
එක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා. ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා. “ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි... ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ... Continue Reading →
ඔහු රහසේම නික්ම ගොසිනි…!
මෙය සිදුවූයේ අදින් වසර දෙකකට පමණ පෙර දීය. කෙටි නිවාඩුවක් සදහා මව්බිටම පැමිණි මොහොතක එක්තරා සවස් වරුවක මට දුරකථන ඇමතුමක් ලැබුණේය. රිසීවරයේ එහා කෙළවරේ සිටියේ මගේ සදාදරණීය කළණ මිතුරු ජානකය ; “ මචං ඇල්බට් එදිරිසිංහ අද නැතිවෙලා. එයා ගැන තොරතුරු හොයා ගන්න අමාරුයි. පත්තරේට පොඩි දෙයක් ලියන්න පුළුවන් ද... ” එක්තරා යුගයක ඇස් කන්නාඩි ව්‍යාපාරයෙන්... Continue Reading →
මං දිහා බලාගෙන ඉන්නකෝ
පච්චයක් කොටා ගත්ත තරුණයෙක් ලෝක නායකයෙක් බවට පත් වෙච්ච මුල්ම අවස්ථාව ගැන එක්තරා පුවත්පතක දින කිහිපයකට පෙර පුවතක් පළ වෙලා තිබුණා. මේ පුවතට පදනම් වෙලා තිබුණු රට කැනඩාව. පච්චය කොටා ගත්ත තරුණයා ජස්ටින් ටෲඩෝ. පහුගිය සතියේ පැවැති කැනේඩියානු මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා ගත් වත්මන් කැනේඩියානු අගමැතිවරයායි ඔහු. ලෝකයේ දෙවැනි විශාලතම රට වන කැනඩාව... Continue Reading →
ඔය දොරගුළු හැර දමන්න…!
බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන්... Continue Reading →
ඔබේ කාලයට ස්තුතියි…!
ළමා කාලයේ තමන් හැදුණු වැඩුණු කුඩා ගම්මානයෙන් පිටවෙලා නගරයට ඇවිත් අවුරුදු ගණනාවක්ම ගතවෙලා ගිහින්. නගරයේ කලබලකාරී වාතාවරණයත් එක්ක ගම්මානයේ මතකයන් විතරක් නෙමෙයි තමන්ගේ එකම පුතා සහ බිරිද සමගවත් විවේකීව කාලය ගත කරන්නට තරම් ඉඩ කඩක් ජැක්ට තිබුණේ නැහැ. “ රොබට් අන්කල් නැති වුණා. අන්තිම කටයුතු බදාදා ”අම්මාගේ දුරකථන ඇමතුම ආවේ හදිසියෙන්. ඒ දුරකථන ඇමතුමත් එක්ක... Continue Reading →
මුරුගසං වරුසාවට තෙමෙන්නට පෙර…
අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකාවේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්බෙන් මට මතක් වුණේ ජනාධිපතිවරණයෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ඇත්තටම කියනවා නම් මේ නලුවා කවුරුන්ද කියන එක මතකයෙන් හරිහැටිම තෝරා බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකාවේ ප්‍රවීණ නලුවෙකු බව නම් හිතේ රැදිලා තියෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් වෙලා තිබුණේ සිනමා... Continue Reading →
කියන්න පොඩි හාමුදුරුවනේ…!
සීනුව නාද වෙන කොටත් මං හිටියේ පංති කාමරයේ කවුළුව අයිනේ. හරියට ම හිතා ගන්න බැරි ඈත අතීතයක සැරි සරමින් තිබුණු මගේ හිත සීනු හඬත් එක්ක ආපහු පියවි ලෝකයට ආවා. මහ වැස්සෙන් පස්සේ දූවිලි පොළොවෙන් විසිරිලා යන තෙතමනය මුහුවෙච්ච මේ සුවඳ හැමදාමත් මාව නොදන්නා අතීතයකට අරගෙන යනවා... මගේම පුංචි කාලයේ කොහේ හරි ඉසව්වකට. විදුහල්පති බාලසූරිය මහත්තයා... Continue Reading →
පිළිතුරක් ඕනෑ කර තිබේ….!
මගේ සේවා ස්ථානයට පහුගිය සතියක අලුත් සේවකයන් කිහිප දෙනෙක් බඳවා ගෙන තිබුණා. ඒ කිහිප දෙනාම විවිධ රටවලින් කැනඩාවට ආපු අය. කැනඩාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම පැමිණෙන විවිධාකාර ජාතීන් ඉන්නා රටක් නිසා කැනඩාවේ රැකියා ස්ථානවල විතරක් නෙමෙයි පාසල් ඇතුලු හැම පොදු ස්ථානයකම මේ විදියේ බොහොම අපූරු ජනවාර්ගික විවිධත්වයක් දකින්න පුලුවන්. ස්වභාවයෙන්ම මිතුරන් ඇති කරගන්න කැමැත්තක් තියෙන... Continue Reading →
නික්ම යාම
සඳ රැස් ගලා ඇවිදින් සිරි යහන වෙ ත විකසිත කුසුමකිය සොඳුරිය ඔබේ ව ත කිරි සුවඳක එතුණු පුතුගේ සිගිති ග ත මොහොතක් සසල කෙරුවා මා තුරුණු සි ත මල් පෙති සුවඳ මුසුවුණු සිහිලැල් පව නේ බිළිඳු සිනා විසිරෙන කිරි කැටි සිහි නේ සොඳුරුම සිත්තමකි සොඳුරිය ඔබ නය නේ හදවත් පවුර කලතා උණුසුම දැනු නේ... Continue Reading →