අලුත් අවුරුද්දට කලින් නිම කරන්නට තිබුණු හදිසි රාජකාරි වැඩ වගයක් නිසා නත්තල් සතියේ සිකුරාදා මගේ කාර්යාලයට යන්න සිද්ධ වුණා. හැමෝම වගේ නිවාඩු අරගෙන තිබුණු නිසාත්, තවත් බොහොම දෙනෙක් ගෙදර ඉඳන් වැඩ කරපු නිසාත් ආයතනයේ හිටියේ දෙතුන් දෙනෙක් විතරයි. මේ හින්දා මගේ මේසයට තරමක් ඈතින් හිටිය සගයෙක් තමන්‍ගේ වැඩ වල නිරත වුණේ පරිගණකයෙන් ටිකක් සද්‍දෙට සිංදු... Continue Reading →
දවස් ගෙවී ගියා මෙසේ
සති තුනක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් සති තුනක කෙටි කාලයක දී කෙනෙකුට විවිධාකාර අත්දැකීම් අත්විඳින්නට පුලුවන්. බොහොමයක් වෙලාවට කෙනෙකුගේ මිහිරි අත්දැකීම් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලිකයි, ඒ වගේම භාවාතිශයයි. ඒ නිසා ඒ මිහිරි අත්දැකීම් බෙදා හදා ගැනීම තවත් කෙනෙකුට නීරස වෙනවා වගේම ඒ කියන අර්ථයෙන් විඳින්නත් බැහැ. ඒත් අමිහිරි අත්දැකීම් කියන්නේ තවත් කෙනෙකුත් එක්ක බෙදා... Continue Reading →
පුද්ගලිකයි… රහසිගතයි….!
අලුත් මල් කොළ දළු දාලා වසන්තය ඇවිල්ලා. අවුරුද්දේ බොහොම කාලයක් සීතල කාලගුණයට හුරු පුරුදු වෙලා ඉන්න කැනඩාවේ බොහොම දෙනෙක් මේ වසන්තය එනකම් මග බලාගෙනයි ඉන්නේ. වසන්තයේ දී දරුවන්ටත් පාසල්වල දීර්ඝ නිවාඩුවක් හිමිවෙන හින්දා කාර්යාලවල වැඩ කරන අයත් තමන්ගේ වාර්ෂික නිවාඩු අරගෙන සංචාරවල යෙදෙන්නේ මේ කාලයේ තමයි. වසන්ත කාලයේ දී තම තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල්... Continue Reading →
මළ බව නොදැන ජීවත් වීම
පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්. වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා - ඇමරිකා දේශ සීමාව ආසන්නයේ... Continue Reading →
එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!
දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →
බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!
දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ... Continue Reading →
ඒ දිවයිනට මා, පා කර හරින්න
ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද කියනවා නම් ඔය කිව්ව කවරයේ පෙනුම විතරක් නෙමෙයි සිය... Continue Reading →
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ… සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ…!
ලංකාවේ ජීවත් වෙන මගේ සමීපතම ඥාතියෙක්, මේ ගෙවී යන වසන්තයේ කෙටි සංචාරයකට කැනඩාවට ආවා. මලින් පලින් පිරුණු මේ වසන්ත සමයේ කැනඩාවේ තමන්ට අත්විඳින්නට ලැබුණු හැම අත්දැකීමක්ම හරිම ආස්වාදයකින් රසවින්ඳත්, දවස සම්පූර්ණ වන්නට නම් තවත් එක් දෙයක් ඔහුට නැතිවම බැරි වුණා. ඒ ලංකාවේ රූපවාහිනිය, විශේෂයෙන්ම ප්‍රවෘත්ති විකාශය නැරඹීමයි. මා ජීවත් වන වැන්කුවර් නගරයත්, ලංකාවත් අතර පැය... Continue Reading →
පිපුණු කුසුම පරවූවා
ඒ සුන්දර උදෑසන මට කිසිදිනක අමතක නොවනු ඇත. සුවිසල් පැසිෆික් සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි. හිමිදිරි වළාකුළු මතින් හිරු රැස් පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි. වරින් වර රංචු ගැසී පියාඹා යන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්, ගමන... Continue Reading →
තාරකා පෙළින් එහා
බොහොම කාලයක ඉඳන් දැන හඳුනා ගෙන හිටිය මගේ මිතුරියකට සිය එකම පුතාත්, සැමියාත් එක්ක බටහිර රටක ස්ථිර පදිංචියට වීසා ලැබුණා. බොහොම සතුටින් මේ ආරංචිය දුරකථනයෙන් මට දන්වපු ඇය මගෙන් එක උදව්වක් ඉල්ලලා හිටියා. ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට යන මේ ගමන වෙනුවෙන් නිවසින් පිටත්ව යන්නට හොඳ නැකතක් සකස් කර ගන්නට ඇයට උවමනා වුණා.... Continue Reading →