මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ. හිතන්න... මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා. පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා. දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි. මොකක්ද දැන් ඔබ කරන්නේ? උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ...... Continue Reading →
මේසයක් උඩ බිත්තරයක්!
මේසයක් උඩ බිත්තරයක්! හරිම සරල වාක්‍යයක්නේ! වාක්‍යය කියන කොටම බිත්තරයයි, මේසයයි ඔබේ හිතේ ඇඳිලා යන්න ඇති. ඒත් ඔබට හොඳටම විශ්වාස ද ඔබ හිතෙන් මවා ගත්ත රූපයයි, මම හිතෙන් මවා ගත්ත රූපයයි එකක්ම කියලා...? සමහරවිට ඔබේ හිතේ ඇඳිලා ගියේ මේසයක් මත තියෙන සුදු පාට කුකුළු බිත්තරයක් වෙන්න ඇති... නැතිනම් දුඹුරු පාට ගම් බිත්තරයක්...? ඇයි මේ බිත්තරය තාරා... Continue Reading →
නාන්න නන් නාන්න…!
දශකයේ අසික්කිතම ඡායාරූපය - සාමකාමී විරෝධතාකරුවන්ගේ ආහාර වේලට පවා ප්‍රහාර! “නාන්න යනවද…?” “අපොයි නැහැ... මම මේ නාන්න යන්න කියලා” “ඒක මිසක්... ඒත් මම හිතුවා මේ නාන්නවත් යනවද කියලා” “පිස්සුද...? මේ ටිකක් නාගන්න කියලා” ඇත්ත... හතර බීරි කතාවක් තමයි. ඒත් අද රටේ සිද්ධ වෙන බොහොමයක් දේවල් බොහොම දෙනෙක් තේරුම් ගන්නේ ඔන්න ඔය විදියට හතර බීරි තේරුම් ඇතිව... Continue Reading →
දැල් වූ පහන්… දැල් වී තිබේවා!
(සිලිලාර බ්ලොග් අඩවිය සමග සම්බන්ධ වී සිටින එහෙත් සමාජ මාධ්‍ය පරිශීලකයන් නොවන පිරිසකගේ ඉල්ලීම මත පළ කරන ලිපියකි මේ. මුහුණු පොත වෙනුවෙන් මෑතක දී පළ කළ ලිපි දෙකක්, තනි ලිපියක් ලෙසින් බ්ලොග් අඩවිය වෙනුවෙන් මෙසේ සංස්කරණය කළ බව කරුණාවෙන් සලකන්න) V වන මිහිඳු ලංකා ඉතිහාසයේ දුර්වලතම පාලකයා සටහන් වූයේ අනුරාධපුර යුගයේ අවසන් භාගයේ දීය. ඒ... Continue Reading →
දවස් ගෙවී ගියා මෙසේ
සති තුනක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් සති තුනක කෙටි කාලයක දී කෙනෙකුට විවිධාකාර අත්දැකීම් අත්විඳින්නට පුලුවන්. බොහොමයක් වෙලාවට කෙනෙකුගේ මිහිරි අත්දැකීම් ඒ ඒ පුද්ගලයන්ට පෞද්ගලිකයි, ඒ වගේම භාවාතිශයයි. ඒ නිසා ඒ මිහිරි අත්දැකීම් බෙදා හදා ගැනීම තවත් කෙනෙකුට නීරස වෙනවා වගේම ඒ කියන අර්ථයෙන් විඳින්නත් බැහැ. ඒත් අමිහිරි අත්දැකීම් කියන්නේ තවත් කෙනෙකුත් එක්ක බෙදා... Continue Reading →
පුද්ගලිකයි… රහසිගතයි….!
අලුත් මල් කොළ දළු දාලා වසන්තය ඇවිල්ලා. අවුරුද්දේ බොහොම කාලයක් සීතල කාලගුණයට හුරු පුරුදු වෙලා ඉන්න කැනඩාවේ බොහොම දෙනෙක් මේ වසන්තය එනකම් මග බලාගෙනයි ඉන්නේ. වසන්තයේ දී දරුවන්ටත් පාසල්වල දීර්ඝ නිවාඩුවක් හිමිවෙන හින්දා කාර්යාලවල වැඩ කරන අයත් තමන්ගේ වාර්ෂික නිවාඩු අරගෙන සංචාරවල යෙදෙන්නේ මේ කාලයේ තමයි. වසන්ත කාලයේ දී තම තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල්... Continue Reading →
මළ බව නොදැන ජීවත් වීම
පහුගිය වසන්ත කාලයට පස්සේ කැනඩාවේ වැන්කුවර් පුරවරයට කවදාවත්ම නැති තරම් සැරට ඉර මුදුන් වෙච්ච දවස තමයි ඒ. හිමිදිරි උදය ගෙවිලා යන්නටත් කලින් හිම කඳු යාය උඩින් පායාගෙන ආපු ඉර, එදා හවස් වරුව පුරාමත් එක දිගටම විසිරිලා පැතිරිලා ගියා. ඇත්තටම ඒක ඇඟපත දවාලන තරම් උණුසුමක්. වැන්කුවර් නගරය පිහිටලා තියෙන්නේ කැනඩා - ඇමරිකා දේශ සීමාව ආසන්නයේ... Continue Reading →
එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!
දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →
බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!
දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ... Continue Reading →
ඒ දිවයිනට මා, පා කර හරින්න
ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද කියනවා නම් ඔය කිව්ව කවරයේ පෙනුම විතරක් නෙමෙයි සිය... Continue Reading →