ආදරෙයි මම ආදරෙයි!

මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ. හිතන්න... මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම ඔබ ඉන්න ඔය කාමරයට කඩා වැදිලා ඔබව පැහැරගෙන යනවා කියලා. පැහැරගෙන ගිහින් නොදන්නා තැනක සිරකරනවා. දැන් එතැන ඉන්නේ ඔබයි, ඔබව පැහැරගෙන ගිය කණ්ඩායමේ සාමාජිකයන් දෙතුන් දෙනයි විතරයි. මොකක්ද දැන් ඔබ කරන්නේ? උදව් ඉල්ලලා හයියෙන් කෑගහනවද..? බැහැනේ...... Continue Reading →

මේසයක් උඩ බිත්තරයක්!

මේසයක් උඩ බිත්තරයක්! හරිම සරල වාක්‍යයක්නේ! වාක්‍යය කියන කොටම බිත්තරයයි, මේසයයි ඔබේ හිතේ ඇඳිලා යන්න ඇති. ඒත් ඔබට හොඳටම විශ්වාස ද ඔබ හිතෙන් මවා ගත්ත රූපයයි, මම හිතෙන් මවා ගත්ත රූපයයි එකක්ම කියලා...? සමහරවිට ඔබේ හිතේ ඇඳිලා ගියේ මේසයක් මත තියෙන සුදු පාට කුකුළු බිත්තරයක් වෙන්න ඇති... නැතිනම් දුඹුරු පාට ගම් බිත්තරයක්...? ඇයි මේ බිත්තරය තාරා... Continue Reading →

එනමුදු මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: