තැපැල් පෙට්ටිය ඇරලා බලද්දී මගේ නමට පාර්සලයක් ඇවිත් තිබුණා. පාර්සලය ඇතුළේ තිබුණේ පුංචි පොත් දෙකක්. වැන්කුවර් නුවර මගේ ලිපිනයට මේ පාර්සලය එවලා තිබුණේ ලංකාවේ මගේ නැන්දණියක්. පොත් දෙකටම තිබුණේ එකම නමක්, “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”. පොත් දෙක අතට ගනිද්දී මුලින්ම මතුවුණු ප්‍රශ්නය තමයි ඇයි මේ තරම් කුඩා පොත් දෙකක් එකම නමකින් එකම අවුරුද්දක... Continue Reading →
ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි (What you think you become) – බුදුන් වහන්සේ
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක් ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක් කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස් සගවා ගෙන ඉන්න... Continue Reading →