බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි!

දවල් කෑම වෙලාවට කාර්යාලයේ කෑම මේසය වටේ රොද බදින පිරිස එක්ක එකතු වෙන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙමෙයි. එත් ඉඳහිට දවසක මේ කණ්ඩායමට මාත් එකතු‍ වෙනවා. පහුගිය සතියේ දවසකත් ඒ විදියට අහම්බෙන් මේ කණ්ඩායමත් එක්ක කෑම ගන්න මාත් එකතු වුණා. ලෝකයේ හැම රටකින්ම ආපු පිරිස අපේ කන්තෝරුවේ වැඩ කළත් හැමදාමත් ඔය කතා බහ ඇදිලා යන්නේ මෙලෝ … දිගටම බඹර වද දුටිමි… බිතු සිතුවම් නොදුටුවෙමි! කියවන්න

Advertisements

ඒ දිවයිනට මා, පා කර හරින්න

ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද  කියනවා නම් ඔය කිව්ව කවරයේ  පෙනුම විතරක් නෙමෙයි සිය … දිගටම ඒ දිවයිනට මා, පා කර හරින්න කියවන්න

පිළිතුරක් ඕනෑ කර තිබේ….!

මගේ සේවා ස්ථානයට පහුගිය සතියක අලුත් සේවකයන් කිහිප දෙනෙක් බඳවා ගෙන තිබුණා. ඒ කිහිප දෙනාම විවිධ රටවලින් කැනඩාවට ආපු අය. කැනඩාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම පැමිණෙන විවිධාකාර ජාතීන් ඉන්නා රටක් නිසා කැනඩාවේ රැකියා ස්ථානවල විතරක් නෙමෙයි පාසල් ඇතුලු හැම පොදු ස්ථානයකම මේ විදියේ බොහොම අපූරු ජනවාර්ගික විවිධත්වයක් දකින්න පුලුවන්. ස්වභාවයෙන්ම මිතුරන් ඇති කරගන්න කැමැත්තක් තියෙන … දිගටම පිළිතුරක් ඕනෑ කර තිබේ….! කියවන්න

පොතක් එක්ක කතා කරමු

සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය. සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී … දිගටම පොතක් එක්ක කතා කරමු කියවන්න