නික්ම යාම

Nice-Wallpaper-Of-Good-Morning

සඳ රැස් ගලා ඇවිදින් සිරි යහන වෙ ත
විකසිත කුසුමකිය සොඳුරිය ඔබේ ව ත
කිරි සුවඳක එතුණු පුතුගේ සිගිති ග ත
මොහොතක් සසල කෙරුවා මා තුරුණු සි ත

මල් පෙති සුවඳ මුසුවුණු සිහිලැල් පව නේ
බිළිඳු සිනා විසිරෙන කිරි කැටි සිහි නේ
සොඳුරුම සිත්තමකි සොඳුරිය ඔබ නය ‍ නේ
හදවත් පවුර කලතා උණුසුම දැනු නේ

කිසිවෙකු කිසි විටෙක කිසිදා නොවිඳි තර ම්
සෙනෙහස ඔබෙන් ලත් සිලිලාරෙකි මනර ම්
සිතිවිලි තරග මා හද කළඹන මෙතර ම්
සොඳුරිය ඔබ පමණි දුටු මා සිතුම් පැතු ම්

කුමරිය දුටුව මොහො‍තේ ඔබ මුල්ම දි න
සුපුරුදු සුවඳ දැනුනා සසරින් හම න
භවයෙන් භවය ආවත් අප පතා ‍ගෙ න
යළි හමු නොවනු ඇත මින්මතු කිසිම දි න

කිරිකැටි යුගත් පා මව් වෙත තුරුලු වෙමි න්
පිපි මුව කමල රන්වන් සියපතක් ලෙසි න්
මදහස පාන කිරි සුවඳැති දෙතොල් අගි න්
සිප ගන්නට සිතෙයි පොඩි පුතු වැළඳ පෙමි න්

සෙවනැල්ලක් විලස ආ මග සසර පු රා
මා සිත හැඳිනු කිසිවෙකු වෙද ඔබම හැ රා
කඳුලක් මතුව ආවද ඔය නෙතඟ ක රා
මේ වෙන්වීම වටහා ගනු ඇත සපු රා

හැම සම්පතම තිබුණත් නොඅඩුව සපි රී
නැහැ සැනසුමක් සිත යයි ඈතක විසි රී
මේ හැම දෙය කෙළවර නොම වෙයි මිහි රී
ඇති බව හැ‍ඟෙයි කළ යුතු කිසිවක් පැව රී

හෙට හිරු නැගෙන විට නිල්වන් ගුවන අ රා
අරුණළු දකිනු රිසියෙමි ඝන තිමිර ඉ රා
මාවත විවර කරනට නව ලොවක් ක රා
සමුගමි ඉතින් අවසර මට යසෝද රා

3 thoughts on “නික්ම යාම

Add yours

  1. පැතුම් බලෙන් දෙන්නා ආවේ පේවී
    කතුන් සැමට නායක බිම්බා දේවි
    ඉතිං සසර ඇවිදින්නේ නැත දේවී
    ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

    උන්නේ ඉපිද අප ලෙහෙනුන් කුලේ එදා
    වැටුණේ ජලය මැද සමුදුරයේ බිළිදා
    දැනුනේ කරපු වීරිය ගොඩ ගන්ට එදා
    හිමි සඳුනේ මග ඇරියේ මන්ද මෙදා
    – යසෝදරාවත

    ප්‍රිය සමන්,
    හදවත බරයි ඔබෙ කවි එහි නිධන් වෙලා
    දෙනයන බරයි කවි අරුතින් පදම් වෙලා
    සිතුවිලි බරයි කඳුලැල්ලෙන් පෙඟිලා
    මට මා බරයි බිම්බාවනි නුඔ දැකලා

    Liked by 1 person

  2. හරිම ලස්සන හිත නිවෙන කවි පෙළක්… අපි හැමෝමත් සිදුහත් වගේ ජීවිතය සොයා යන ගමක ඉන්නෙ කියල මට හිතෙනවා.. ළඟදි හෙස ගෙ සිද්ධාර්ථ කියෙව්වා…. හෙස ගෙ ඩේමියන් කියවන්න ගත්තා අද…… මේ කවිය ඒ පොත් එක්කත් පෑහිලා අළුත් අරුතක් ගන්නවා..

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: