ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි (What you think you become) – බුදුන් වහන්සේ

පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක් ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක් කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස් සගවා ගෙන ඉන්න පුලුවන්ද…? ඔව්…. ඇත්තෙන්ම පුලුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක් නෙමෙයි ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්රමාණ වූ විශ්වයේ අපූරු රහස් රැසක්ම සගවා ගෙන ඉන්නවා. ඒ රහස් අඳුනා ගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

ආචර්ය මසාරු
ආචාර්ය මසාරු

ඒ අපූරු රහස් එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr. Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්වභාවය වෙනස් කරන්නට පුලුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක් මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්රමවේදය සම්මත විද්යාත්මක ක්රමයට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්රකකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්) නම් කෘතිය මුලු විද්යා්ත්මක ලෝකයේම ඇස් අරවන කෘතියක් බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්යා ත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

Masaru Emoto Book Cover

ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.

ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්රේකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක් අධික සිසිලසකට ලක්කොට අධි තාක්ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් පිරිත් සජ්ජායනාවක් ඇසෙන්නට සැලැස්සුවා. පිරිත් සජ්ජායනයෙන් පස්සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක් පෙර පරිදිම අධික සිසිලසකට බදුන් කොට අධි තාක්ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්ර තිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්. මේ ප්රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක් වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉදන් පර්යේෂණ මාලාවක්ම ඉන්පස්සේ සිදු කළා.

water-molecules

පිරිතෙන් පසු ජල අණු පැහැදිලි වෙනසකට ලක් වී ඇති අයුරු

සම්භාව්ය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්. සම්භාව්ය සංගීත රාවට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්.

භාවනාවෙන් පසු ජල අණු පැහැදිලි වී ඇති ආකාරය සූක්ෂම කැමරාවට දර්ශනය වූ අයුරු
භාවනාවෙන් පසු ජල අණු පැහැදිලි වී ඇති ආකාරය සූක්ෂම කැමරාවට දර්ශනය වූ අයුරු

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස් ආකාරයේ වදන් අසන්නට සැලැස්සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

මේ විදියේ එකිනෙකට වෙනස් විවිධාකාර පර්යේෂණ ගණනාවක් තුළින් මිනිස් චින්ත සන්තානයට ජල අණුවල සංයුතිය වෙනස් කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා.

ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක් නොවන්නේ පිරිත් සජ්ජායනාවෙන් ආශිර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස් ගණනාවක් ඈත ඉදන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්රඈ සජ්ජායනා ජලයේ ස්වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි.

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක් සිහිපත් කරන්නට ඕනේ. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව හැමෝම දන්න කාරණයක්. ඒ කියන්නේ මිනිසුන් කියන අප නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා.

ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස් ගණනකට කලින්. “ ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි ” (What you think you become). ඒ බුදු වදනයි.

2 thoughts on “ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි (What you think you become) – බුදුන් වහන්සේ

Add yours

  1. 1) http://en.wikipedia.org/wiki/Masaru_Emoto
    2) is-masaru-emoto-for-real.com
    3) http://openuniversitymumbai.webs.com/ (This so called “scientist”‘s university)

    බවුඩ්ඩ ජනතාවට පිරිතේ ආනිසංස ආතල් එකකුත්, කිරිස්තියානි සහ මුස්ලිම් ජනතාවට යාඤාවේ ආතල් එකකුත්, අනෙකුත් හිපියන්ට වෝටෙක්ස්, ක්‍රිස්ටල් බෝල් ආතලුත් සපයා ගැනීමට නව යුගයේ තෙල් බේත් කාරයෙක්ගෙන් පොඩි සූඩෝ සයන්ටිෆික් පේපරයක්!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: