ඒ සීත සෘතුවේ තවත් එක් උදෑසනක්.කාර්යාලවලට යන්න ඒ වගේම පාසල් වලට යා ගන්නට හැමෝම ලහි ලහියේ සූදානම් වන තවත් එක් හිමිදිරියක්.හරියටම කියනවා නම් වෙලාව උදේ 7.51 යි.
තම තමන්ගේ කටයුතුවලට හැම දෙනාම කඩි මුඩියේ දිව යන මේ මොහොතේ ඇමරිකාවේ වොෂිංටන් ඩී සී ප්රධාන දුම්රිය නැවතුම් පොළට බොහොම ප්රසන්න පෙනුමක් තිබුණු තරුණ මිනිසෙක් ඇතුලු වුණා. ඩෙනිම් කලිසමකින් සැරසී සිටි මේ මිනිසා තොප්පියක් ද හිස ලා ගෙන සිටියා.
මේ ගොඩනැගල්ල තියෙන භූමියේ තවත් කාර්යල ගොඩකුත් තිබුණු නිසා හරිම කලබලයක් තමයි එතැන තිබුණේ. තමන්ගේ කෝච්චි අල්ලා ගන්නටත් , රැකියා ස්ථානයට යා ගන්නටත් තමයි හැම දෙනාම මේ තරම් කඩිමුඩියේ එහේ මෙහේ දිව යමින් හිටියේ.
එත් මේ කලබලය නොදැක්කා වගේ අර කලින් කිව්ව පුද්ගලයා විතරක් බොහොම නිසොල්මනේ දුම්රිය ගොඩනැගිල්ලේ ආලින්දයට ඇතුලු වෙලා තමන් අත තිබුණු සැහැල්ලු ගමන් මල්ල බිමින් තියලා යමක් අතට ගත්තේ වටපිට ගැන කිසිම අවධානයක් නොපන්වමින්.
ඉතින් ඔහු අතට ගත්තේ මොකක්ද…?
ඒ වයලීනයක්. වයලීනය අතට ගත්ත මේ මිනිසා ඒක වාදනය කරන්නට පටන් ගත්තා. අහල පහළ කිසිම දෙයක් නොබලා තමන්ගේ සංගීතය ගැන විතරක්ම අවධානය යොමු කරමින් මේ නන්නාතාදුනන මිනිසා දිගටම වයලීනය වයන්නට පටන් ගත්තා.
කොයි තරම් වෙලාවක් ඔහු තම සංගීත වාදනය කරගෙන ගියා ද කියනවා නම් විනාඩි හතළිස් පහක්ම ඔහු එක දිගටම සංගීත ඛාණ්ඩ හයක් වාදනය කළා.
දුම්රිය ගොඩනැගිල්ලේ ආලින්දයේ ඉදන් ඔහු මේ වාදනය කරන කාලය තුළ මිනිසුන් දහසකට අධික ගණනක් ඔහු පසුකර ගියා. එක්තරා වෙලාවක මැදි වියේ මිනිසෙක් විතරක් ඔහුගේ වාදනය ළග මොහොතක් නතර වුණා. ඒත් ඒ තත්පර කිහිපයකට විතරයි. ආපහු පැමිණි වේගයෙන්ම ඔහු අපහු යන්නට ගියා.
වයලීනය වාදනය කරන මේ නන්නාදුනන තැනැත්තාට මුල්ම මුදල් ආධාරය හම්බ වුණේ කාන්තාවකගෙන්. ඒත් ඇය තමන් අත තිබූ ඩොලරය මේ වයලීන් වාදකයා දිහාවට විසි කරමින් ලහි ලහියේ දිව ගියා මිසක් අඩුම තරමින් තත්පරයක කාලයක්වත් එතැන රැදුනේ නැහැ.
තවත් මිනිසෙක් මොහොතක් බිත්තියකට හේත්තු වෙලා ඔහුගේ වාදනයට සවන් දෙන බවක් පෙනුනත් ඒ ඉතාම සුලු මොහොතකට විතරයි. හදිසියේම තමන්ගේ අත් ඔරලෝසුව දිහා බලපු ඔහුත් සෙස්සන් වගේම කලබලකාරී මිනිසුන් රැළට එකතු වුණා.
මිනිසුන් දහස් ගණනක් එහේ මෙහේ පසුකරමින් ගිය මේ ස්ථානයේ අප සදහන් කරන නන්නාදුනන වයලීන වාදකයාට වැඩිම අවධානයක් ලැබුණේ අවුරුදු තුනක් වයස පුංචි පුතෙක්ගෙන්. වයලීන වාදකයා ඉදිරියේ නතර වෙලා මේ සංගීතයට සවන් දෙන්න උත්සාහ කළ මේ පුංචි දරුවාව ඇදගෙන යන්න ඔහුගේ අම්මා දැඩි උත්සාහයක් ගත්තත් පුංචි පුතාගේ හිත තිබුණේ තවත් ටිකක් වෙලා එතැන රැදෙන්නයි. ඒත් අම්මා තදින්ම පුතාව තල්ලු කරගෙන යන්න ගියා. අම්මා ඇදගෙන යද්දිත් පුතා සැරෙන් සැරේ ඔලුව හරවලා මේ වාදකයා දිහා බලන්න උත්සාහයක් ගත්තා. ඒ වගේ අවස්ථාවන්නම් තවත් දෙක තුනක්ම වුණා. ඒ කියන්නේ වරින් වර වාදනය දිහා අවධානය යොමු කළ පුංචි දරුවන්ව අම්මලා තාත්තලා ඇදගෙන ගියේ මොහොතක්වත් සුනංගු නොවෙමිනුයි.
මේ වාදනය සිදු වුණු විනාඩි 45 ක කාලය පුරා මිනිසුන් 1070 ක් අධික පිරිසක් ඒතැනින් එහේ මෙහේ ගියා. එත් වාදකයා ඉදිරියේ මොහොතකට හරි නතර වුනේ මිනිසුන් හය දෙනෙක් විතරයි. මිනිසුන් විස්සක් විතර වාදකයා දිහාවට සල්ලි විසි කළත් ඒ අය කවුරුත් ඔහු ඉදිරියේ සුලු මොහොතකටවත් නතර වුණේ නැහැ. මේ කාලය තුළ දී වාදකයාගේ පය පාමුල එකතු වුණ මුදල ඩොලර් 32 ක්. සමහරුන් සතය දෙක පවා දාලා තිබුණා.
එක දිගටම පැයකට ආසන්න කාලයක් කළ වාදනය නිමා කරමින් මේ මිනිසා නිහඩව තම වයලීනය උරහිස මතින් පහතට ගත්තා ; කිසිම කෙනෙකුගේ අවධානයක් නැතිවම. ඒ වගේම කාගේවත් අත් පොළසන් නාදයක් නැතිවම.
ඔහු හිමින් සීරුවේ තමන්ගේ වයලීනය ඊට හිමි බෑගයේ දමා ගත්තා. ජනාකීර්ණ දුම්රිය පොළේ පදිකයන් එහේ මෙහේ ගිය ආලන්දයේ සිටි මේ නන්නාදුනන මිනිසා බෑගය තුළ රුවා ගත්තේ ලොව මිල අධිකතම වයලීනය කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ….? ඔව් එය ඩොලර් මිලියන තුන හමාරක් ඒ කියන්නේ රුපියල් කෝටි 35 ක් වටිනා ලොව මිල අධිකම වයලීනයයි. ඒ වගේම මිනිත්තු 45 ක කාලයක් පුරා ඔහු වාදනය කළේ එතෙක් මෙතක් ලොව බිහිවූ අති විශිෂ්ටතම සහ වැයීමට අපහසුම වූ අතිශය දුර්ලභ සංගීත ඛාන්ඩයක්. දුම්රිය පදික වේදිකාවේ මේ වාදනයේ යෙදුණු නන්නාදුනන මිනිසා දැනට ලොව විශිෂ්ටතම ජීවමාන වයලීන් වාදකයා ලෙස සැලකෙන ජොෂුවා බෙල් (Joshua Bell). දුම්රිය වේදිකාවේ මේ වාදනය කරන්නට දවස් දෙකකට කලින් බොස්ටන් රගහලේ දී ඔහු කළ වාදනය සදහා ආසනපත් විකුණුනේ ඩොලර් සියයක මුදලකට.
ජොෂුවා බෙල් වේදිකාව මත සිදු කරන වාදනයක් ඔබට මේ ලින්ක් එකෙන් බලන්නට පුලුවන්.
මේ කී හැම දෙයක්ම ඇත්තම සිදුවීම්. කිසිම කෙනෙකුට කලින් නොදන්වා පදික වේදිකාවේ වාදයකයකු විදියට දුම්රිය වේදිකාවේ ආලන්දයේ ජොෂුවා බෙල් කළ මේ වාදනය සංවිධානය කළේ වොෂිංටන් පෝස්ට් (Washington Post) පුවත්පතයි. සිදුවන හැම දෙයක්ම පටිගත කර ගැනීම සදහා ඔවුන් රහසිගතව එහි හැම තැනම කැමරා සවි කර තිබුණා. වොෂිංටන් පෝස්ට් පුවත්පත මේ කටයුත්ත සිදු කර තිබුණේ ඔවුන් විසින් සිදුකරනු ලබන සමාජ සමීක්ෂණයක තවත් එක් පියවරක් විදියට.

එතකොට මොකක්ද මේ සමාජ සමීක්ෂණයේ අරමුණ වුණේ….?
අරමුණ පැහැදිලියි. අනපේක්ෂිත මොහොතක බොහොම පොදු ස්ථානයක දී සිදුවන යමක සුන්දරත්වය වටහා ගන්නට අපට හැකි ද… ? ඒ සුන්දරත්වය විදින්නට මොහොතක් නතර වී එය අගය කරන්නට අපට හැකි ද… ? අනපේක්ෂිත මොහොතක සිදුවන යමක ඇති අපූර්වත්වය එහෙමත් නැතිනම් එහි ඇති විශිෂ්ටත්වය වටහා ගන්නට අප සමත් වෙනවාද…. ? සමාජ සමීක්ෂණයේ අරමුණ වුණේ ඒ කරුණුයි.
මේ සමීක්ෂණය විවිධ රටවල විවිධ සංස්කෘතීන් අතරේ මේ විදියේ ස්ථාන කිහිපයකම සිදුවුණා. ඒත් ප්රතිඵලයේ කිසිම වෙනසක් වුණේ නැහැ.
මේ සමික්ෂණය අවසානයේ අතිශය වැදගත් එළඹුමකට මාවත විවර වුණා. ඒ තමයි ලොව දක්ෂතම වයලීන් වාදකයා විසින් ලොව මෙතෙක් බිහි වූ අතිශය දුර්ළභ සහ විශිෂ්ටතම සංගීත ඛණ්ඩය වාදනය කරනු ලබද්දී මොහොතකට නැවතී එයට සවන් දෙන්නට හැකියාවක් අපට නැතිනම් අපේ ජීවිතයේ කොයි තරම් වැදගත් අවස්ථාවන් අපෙන් ගිලිහී යනු ඇතිද.. ?
සිත සසල කරවන මේ කතාව පිළිබද හෝඩුවාවක් මුලින්ම ඇස ගැටුණේ ෆේස් බුක් අඩවියෙන්. එයින් මතුවුණු කුතුහලය නිසාම මේ ගැන සොය බලද්දී තමයි ඉහත තොරතුරු සොයා ගන්නට ලැබුණේ. මේ සමීක්ෂණය ඇමරිකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ බොම්බායේ හරි ලංකාවේ කොළඹ කොටුවේ හරි සිදු කළත් ප්රතිපලයේ වෙනසක් බලාපොරොත්තු වෙන්නට බැහැ.
මේ විදියේ අපූරු සමීක්ෂණයක් කිරීම මගින් වොෂිංටන් පෝස්ට් පුවත්පත ජීවිතය ගැන අලුත්ම කවුලුවක් විවර කරලා තියෙනවා. අද අප ජීවත් වෙන සමාජ රටාව හමුවේ ලැබෙන සුලු මොහොතක පවා ජීවිතය විදින්නට අප පෙළඹෙනවාද කියන කරුණ තමන් තමන්ගෙන්ම ප්රශ්න කර ගන්න ඕන කරුණක්. උදේ හවස දකින ගහක පිපුණු මලෙක එහෙමත් නැතිනම් හැමදාමත් ඇහැ ගැටෙන පුංචි දොළ පාරක අසිරිය වගේ පරිසරෙයේ සුලු දෙයක් පවා හැමදාම අපූර්වත්වයෙන් බලන්නට පුලුවන් නම් බාධක කම් කටොලු අතරේ වුණත් ජීවිතය කොයි තරම් සුන්දර කරගන්න පුලුවන්ද … ?
අද අප ජීවත් වන්නේ අතිශය දියුණු තාක්ෂණික මෙවලම් වලින් පිරුණු ලෝකයක. ඒ වගේම මිනිසුන්ගේ පහසුව පිණිස විවිධාකාර යාන වාහන උපකරණ බිහිවුණු ලෝකයක. ඒ හැම හැම දෙයක්ම බිහි කරලා තියෙන්නේ මිනිසුන්ගේ කාලය ඉතිරි කරන්නයි. ඒත් අන් කවරදාටත් වඩා වඩා කාලය මදි වූ බවක් තමයි අද අපිට දැනෙන්නේ.
උපාධි සහතික වලින් පිරුණු උගතුන් බොහොමයක් හිටියත් සාමාන්ය බුද්ධියක් ඇත්තේ ඒයින් කීයෙන් කී දෙනාටද…? හැම අංශයකම විශේෂඥයන් දැනමුත්තන් පිරිලා හිටියත් වෙන කවරදාටත් වඩා අද මුලු ලෝකයම විසදා ගත නොහැකි ගැටලු රාශියක ගිලිලා.
අලුත් අලුත් බෙහෙත් වර්ග කෑම වර්ග දවසින් දවස සොය ගත්තත් නිරෝගී කම දවසින් දවස අපෙන් ඈත් වෙලා යනවා. සුව කළ නොහැකි ලෙඩ රෝග පැතිරිලා යනවා.
හැමදාම හැම මොහොකම සල්ලි හම්බ කරන්නට වෙහෙසන අපේ මනුස්සකම අද අන් කවරදාටත් වඩා පිරිහිලා ගිහින්.යාන වාහන මිල මුදල් ළගා කර ගත්තත් ඒ එක්කම ජීවිතයේ සතුට දවසින් දවස ඈත් වෙලා යනවා. ආදායම වැඩි කරගත්තත් සාරධර්ම ඒ එක්කම අඩු කරගන්නවා.
සුඛෝපභෝගී දේවල් හරි හම්බ කරගත්තත් ඒ දේවල් සැබෑ ලෙසින්ම භුක්ති විදගන්නේ කීයෙන් කී දෙනාද…? මහා මන්දිර ඕන තරම් තිබුණත් ඒ මන්දිර ඇතුළේ කැදැල්ලක උණුසුම රැදිලා තියෙනවාද…?
දවසින් දවස ජීවිතය ගෙවා ගන්න විදිහ අපි හැමෝම දැනගෙන හිටියත් ඒ ජීවිතය විදින්න තරම් දැනුමක් බොහොමයක් දෙනෙකුට නැහැ. උනුන් පරදමින් දිව යන අතරේ අඩුම තරමින් හිනාවක් හුවමාරු වෙන්නේ කොයි තරම් කලාතුරකින් ද…? අවුරුදු ගණනින් ජීවිතය ගෙවා දැමුවත් ගෙවා දැමූ ඒ අවුරුදුවලට ජීවය කවාගන්නට දන්නේ කවුරුන්ද…?
ලෝකය පුරාම වෙන හැම දේම හොයා බලන්නට කුතුහලය දක්වන අයගෙන් කී දෙනෙක් තමන්ගේ අල්ලපු වැටේ ඉන්නා අසල්වැසියාගේ දුක සැප සොයා බලනවාද…?
බොහොම දේවල් කියෙව්වත් ලිව්වත් ඒවායින් සැබවින්ම යමක් ඉගෙන ගන්නේ අප අතරින් කීයෙන් කී දෙනෙක් ද…? බොහොමයක් දේවල් සැලසුම් කළත් ඒ සැලසුම් සැබෑ ලෙසින්ම සාර්ථක කරගන්නට උත්සාහ ගන්නේ කොයි තරම් අල්ප පිරිසක් ද…?
මේ නිසාම තමන්ගේ ගොඩ ප්රමාණාත්මකව වැඩි කර ගන්නට මිසක් ඒවායේ ගුණාත්මක බව වැඩි කරගන්නට කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ.
පොදුවේ ගත්තම මිනිසුන් විදියට අපේ පරපුර අද ඉගෙන ගෙන තියෙන්නේ දිවයන්න මිසක් නතරවෙන්න නෙමෙයි. එත් ජීවිතය කියන්නේ එකිනෙකට බද්ධ වෙලා ගලා ගෙන යන උණුහුම් සිද්ධි දාමයක් කියලා බොහොම දෙනෙක්ට අමතක වෙලා.
මේ ගෙවී යන හැම තත්පරයම ඔබේ ජීවිතයේ අමරණීය මොහොතක්. ඒ මොහොත විදින්න. එය පසුවට කල් තබන්නට එපා. ඔබ සතු අනර්ගතම සුවද විලවුන් බදුන එහෙමත් නැතිනම් වටිනාම ඇදුම අනාගතයේ කවදා හෝ පාවිච්චි කරන්නට වෙන් කර තබන්නට එපා. ඔබට සිතෙන කවර මොහොතක හෝ ඒ වටිනාම ඇදුමින් සැරසෙන්න. ඒ සුවද විලවුන් බදුන පාවිච්චි කරන්න. ජීවිතය විදින්නට ඔබ සූදානම් නැතිනම් අඩුම තරමින් ඔබට පසුතැවෙන්නටවත් කාලයක් ජීවිතය විසින් ඔබට ඉතිරි කරනු ලබන්නේ නැති වේවි.
කොහොම වුණත් මේ සටහන නිමා කරන්නට මත්තෙන් පොතකින් උපුටා ගත් කෙටි සටහනක් මෙහි ලියා තබන්නට සුදුසුයි කියලා හිතෙන්නේ ඒ සටහන අප මේ කතා කරන කරුණට එක එල්ලේම අදාළ වන නිසයි. මහාචාර්ය රැන්ඩි පෝෂ් (Randy Pausch) කියන්නේ මෑත යුගයේ බිහි වූ දක්ෂතම පරිගණක විද්යාඥයෙක්. ඒත් හදිසියේ ඇති වූ රෝගාබාධයක් නිසා ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදුවන දවස දොස්තරවරුන් විසින් කලින්ම ඔහුට දැනුම් දී තිබුණා. ඒ කියන්නේ ඔහුට ජීවත් වෙන්නට ඉතිරි වෙලා තිබුණේ මාස කිහිපයක කාලයක් පමණයි. මේ නිසාම ඔහුට තමන්ගේ මැදි වයසටවත් ළගා වන්නට අවස්ථාවක් නොලැබීම ජීවිතයෙන් වෙන්ව යන්නට සිදුවන්නේ ඉතාම ළාබාල අවදියේ සිටින සුරතල් දරු තිදෙනෙකුටත් ආදරණීය බිරිදටත් සමු දෙමින්. ජීවිතයෙන් සමුගන්නට මාස කිහිපයකට කලින් ඔහු විසින් රචනා කරනු ලැබූ ද ලාස්ට් ලෙක්චර් (The Last Lecture) නම් කෘතිය වසරේ වැඩිම අලෙවියක් සහිත පොත විදියට වාර්තාගත වුණේ වසර කිහිපයකට කලින්. මේ පොතේ එක් තැනක ඔහු මෙහෙම කියනවා.
“ කාලය ඇත්තේ ඔබ සතුවයි. අප හැම දෙනාම හිතා ගෙන ඉන්නේ අප සතුව බොහෝ කාලයක් ඇති බවයි. ඒත් අපට ජීවිතයේ වැඩි කාලයක් ඉතිරි වෙලා නැති බව අප වටහා ගන්නා මොහොතේ අප බොහෝ සේ ප්රමාද වී තියෙන්නට පුලුවන්. ”
ඇත්තටම අපූරු ලිපියක්…. අපේ ජීවිත දිහා ආපසු හැරී බලන්න…
සංසාරය දිග උණත්, ජීවිතය හරිම කෙටියි. අපට ජීවිතය විදින්න ලැබෙන අවස්ථා මග හැර ගන්න හොද නැහැ. සතුට හොයාගෙන අපි කොයි තරම් වේගයෙන් දුවනවද කියනවනම් අපිට අවාසනාවන්ත විදියට සතුට විදින්න තියෙන සියුම්, සරල අවස්ථා අප්රඋමාණව අපි මග ඇර ගන්නවා…
රැන්ඩි පෝෂ්ගේ පොතත් මම මෑතක කියෙව්වා… මේ වගේ ලිපි ගැන බ්ලොග් ලෝකයේ අවධානය යොමු නොවීම නම් කණගාටුවට කරුණක්…
කැමතියිකැමතියි
බොහොම ස්තුතියි තරු…. රැන්ඩි පෝෂ්ගේ පොත ඔබ කියවා තිබීම මට සතුටට කරුණක්. ඔබ කියවූයේ පරිවර්තනය නම් එය සිදු වූයේ මගේ අතින් බව නිහතමානීව කියන්න කැමතියි.
කැමතියිකැමතියි
කියල වැඩක් නෑ…
ඔතන හැබැයි මෙහෙම එකක් තියෙනව. පිටසක්වලින් ඇවිත් සහරා කාන්තාරෙ හාරල බලල ‘පෘථිවියෙ ජීවය නැත’ කියල තීරණය කළොත් ඒක වැරදියිනේ. ඒ වගේම වැඩක් නෙවෙයිද ඔතන වෙන්නේ? ඒ කියන්නෙ මිනිස්සුන්ට දැන් හැමදේටම වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය වීම මත නෙවෙයිද ඔය අහඹු අවස්ථා මගහැරෙන්නේ?
දාහකුත් ප්‍රශ්ණ එක්ක ඉන්න මිනිස්සුන්ට වාදන අහනවට වඩා කරන්න වැඩ තියෙන්න ඇති. ඒ වගේම ඔය පහු කරපු අයගෙන් බොහොමයක් අවස්ථාවක් ලැබුණොත් ප්‍රසංගය බලන්නත් යයි.
මේව බලද්දි දුක හිතෙනවා මෙහෙම එකක් සජීවීව කවද බලන්නද කියලා… නමුත් ප්‍රසංගයක් තිබුණොත් ඒ වෙලාවෙ වෙන ප්‍රශ්ණයක් මට වඩා වැදගත් වුණොත් මම යන එකක් නෑ.
මොනව වුණත් අහන්න ලැබුණු සංගීත ඛණ්ඩ නම් නියමයි.
කැමතියිකැමතියි
ඔව්… මේකම තමයි අපේ යුගයේ ඛේදවාචකය වෙලා තියෙන්නේ… හැම දේටම වෙලාවක් වෙන් කරගන්නට සිදුවෙලා… අඩුම තරමින් පුංචි දරුවෙකුට අද සෙල්ලම් කරන්නවත් පුලුවන් ද වෙලාවක් වෙන් කර ගන්නේ නැතිව..ඉතින් කොහොම ද සංවේදී මිනිසුන් බිහිවෙන්නේ…? කොහොම වුණත් අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.
කැමතියිකැමතියි
මම කියෙව්‍වෙ පරිවර්තනය… අහඹු හමුවක් ඒ පොතත්. ඉතින් පරිවර්තනය කළ කෙනා මතක තියා ගන්න බැරි උණා. ඒ ඔබ බව දැන සිටියේ නැහැ. සතුටුයි. ඇත්තටම අගනා වැඩක්. ස්තුතියි.
කැමතියිකැමතියි
තරු… ස්තුතියි ආයෙමත්…!
කැමතියිකැමතියි
stimulating.
කැමතියිකැමතියි
Thank you vey much
කැමතියිකැමතියි
කැමතියිකැමතියි
ස්තුතියි සචින්…. ඒත් පොතට පදනම් වෙලා තියෙන්නේ මේ වීඩියෝ එකට පරිබාහිර කරුණු සමුදායක්… ඒ කියන්නේ ඔහු තමන්ගේ අවසන් දේශනයට සූදානම් වෙන ආකාරයත් , ඔහුගේ ජීවිතයේ අතීත සිදුවීම් සමුදායත් සහ අවසන් දේශනයෙන් පසු සිය මරණය අබියස ගත කළ සති කිහිපයත් ගැන ඔහු අතින්ම කෙරෙන අනුවේදනීය විස්තරයක්.
කැමතියිකැමතියි
හරේ අයියා කියපු දේම තමා මට හිතුණේ. මිනිස්සු හැමදේටම වෙලාවක් වෙන් කරගෙන ඉද්දී මේවාගේ දේකට විශේෂයෙන් වෙලාවක් වෙන් කරගත්තොත් ඇරෙන්න එදිනෙදා මග තොටේදී ඒවාට වෙලාවක් ඇත්තේම නැහැ
කැමතියිකැමතියි
ඔව් හසිත අද අපි හැමෝගෙම ජීවිත කාලසටහනක් විතරක්ම බවට පත්වෙලා.
කැමතියිකැමතියි
Minissunta banala wadak naha. eyalath daruwo wela iddi eda Joshua langa nawthuna lamai wage thamai inna aththe. a unath a lamainta watina dewl atha harala nowatina dewal passe duwana hati kiyala dunne eyalage wadihitiyo. eda inadan a aya thama duwanawa. yantham hithanna pulawan aya danma danma daruwanwa me race eken iwath kala data loku ayath Joshua wage aya langa nathrawevi. Monawa unath Saman me wage dewalin ape hadawathata thattu karanawata bohoma pin.
කැමතියිකැමතියි